ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කිරීමේ විශ්වාසය ඉහලට

Aerial. Colombo - commercial capital and largest city of Sri Lanka.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය වෙමින් ඇති බවත්, ඊට හේතුව වී ඇත්තේ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය බවත් සංවර්ධන බැංකු හා ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘෂිකර්මාන්තය සහ ව්‍යාපාරික ප්‍රජාව මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අපේක්ෂාව මේ ඔස්සේ මුදුන්පත් කර ගත හැකි වනු ඇති බවයි.

බදු ඉහළ නංවමින් රජය වෙත මුදල් රැස් කර ගැනීම වෙනුවට බදු සහන ලබා දෙමින් ජනතාව අතර මුදල් සංසරණය වීමට අවස්ථාව උදාකරලීමත්, ජනතාවට ව්‍යවසායකත්වය පිවිසීම සඳහා මංපෙත් විවර කරලීමත් රජයේ අපේක්ෂාව වේ. එම අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා රජය පත්වූ වහාම ලබා දුන් බදු සහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ව්‍යාපාරික ප්‍රජාව තුළ විශ්වාසනීයත්වය ගොඩනැංවීමට එම තත්ත්වය ප්‍රබල ලෙස හේතුවී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.