ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති රොහාන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

රොහාන් ප්‍රනාන්දු මහතා තේ කර්මාන්තයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකු වන අතර ඔහු 2008 සහ 2009 වසරවල ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 

ඔහු ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.