ඔලිම්පික් තරඟාවලියට කොරෝනා හරස්වෙයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව 2020 ඔලිම්පික් සංවිධායක කමිටුව පවසයි.

ජපානයේ ටෝකියෝ ඇතුළු නගර කිහිපයක මේ වසරේ ජූලි 24 වනදා සිට ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.

එහෙත් මේ වනවිට ජපානය ද කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන බව බලධාරීන් පවසයි.

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් සමඟ එක්ව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔලිම්පික් තරඟාවලිය සඳහා ලොව පුරා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 11,000ක් පමණ ඔලිම්පික් ගම්මානයට පැමිණීමට නියමිතව තිබෙන බව ජපාන බලධාරීන් පවසයි.