වැලි මිල පහලට

ඉදිරි කාලයේදී වැලි මිල රුපියල් 12,000 දක්වා පහළ යනු ඇති බව රජය සදහන් කරයි. අද වන විට වැලි කියුබ් එකක් රුපියල් 15,000ත්, 16,000ත් අතර මිලකට අලෙවි වෙයි.

පාරිභෝගික ජනතාවට අඩු මිලට වැලි ලබාදීම සඳහා කොළඹ නගරයේ වැලි පොළ 10ක් ඉදිකිරීමට දැනටමත් රජය තීරණය කර තිබේ .

මීට අමතරව ප්‍රධාන නගරවල ද වැලි පොළ 5 බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර රජය මගින් වැලි කැණීමට ද ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය .