කහ හිඟයක්

Turmeric root and powder on white background

වෙළඳපොළ තුළ මේ වන විට වියළි කහ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

ඒ හේතුවෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 950ත්, 1000ත් අතර ඉහළ මිලක පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

මෙරට පාරිභෝජනය සඳහා මසකට වියළි කහ ටොන් 500ත්, 600ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මේ වන විට වියළි කහ ආනයනය ද සැලකිය යුතු ලෙස පහත ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.