ආනයනික මසුන් සඳහා වන බදු ඉහළට

දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (03දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය  මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව බදු සහන මත ආනයනික මසුන් කිලෝ ග්‍රෑමයක් සඳහා10% ක් හෝ රු.100ක බදු සහනයක්දී එයින් අය කරනු ලැබුවේ රු. 25ක් පමණි.  ඒ අනුව එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික මසුන්ගේ වටිනාකමින් 10%ක් හෝ කිලෝ ග්‍රෑමයකට රු.150ක් අය කෙරෙනු ඇත.