ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු. බිලියන 8.2 ක බදුපෙර ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙන බව එම ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීමෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී.

මේ අනුව 2019 වර්ෂයේ වාර්තාකළ රු.බිලියන 7.1 ක බදු පෙර ලාභය ඉක්මවා යමින් 2020 වසර සඳහා රු.බිලියන 8.2 ක බදුපෙර ලාභයක් වාර්තා කරමින් 15% විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

2019 වසර තුල ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු.බිලියන 14.8 ක අගයක් ගන්නා අතර එහි වර්ධනය 12% ක් වේ.එමෙන්ම සාමාන්‍ය රක්ෂණ වාරික අදායම් අගය රු.බිලියන 18.9ක අගයක් වාර්තා කර තිබෙන අතර ඒකාබද්ධ ජිවිත හා ජිවිත නොව රක්ෂණ වාරික ආදායමෙහි වර්ධනය 6.5% ක අගයක් වාර්තා කරයි.මෙම ඒකාබද්ධ ජිවිත හා ජිවිත නොවන රක්ෂණ වාරික ආදායම සඳහා ජිවිත රක්ෂණ කාණ්ඩයේ දායකත්වය 44%ක් වන අතර සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ දායකත්වය 56% ක් වේ.

රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කරමින් එම ක්ෂේත්‍රය තුල ප්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින්ම පවත්වාගෙන යන ලද වාර්තාව අබිමවා යමින් 2019 වසර තුලදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු.බිලියන 7.6 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත්කිරීමට සමත්ව තිබේ.මේ අනුව පසුගිය වසර 10 මුළුල්ලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 50ක අගයක් ගනී.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී.

”පසුගිය වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ වර්ධනය සඳහා ප්‍රධානම හේතුවක් වන උපායමාර්ගික විවිධාංගිකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට අප බලපොරොත්තු වනවා. පසුගිය වසර ගණන මුළුල්ලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකු හා මූල්‍ය, සෞඛ්‍ය සේවා, විදුලි හා බලශක්තිය, සංචාරක සහ ඉදිකිරීම් සහ ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්හි සිය ආයෝජන පුළුල් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ ආයතනය ලෙස රක්ෂණයේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ශ්‍රී ලාංකේය ජනතාව වෙත ගෙනයාමේ ජාතික වගකීම ඉටුකිරීම සඳහා අප පෙරමුණ ගෙන සිටිනවා.දැනුම කුසලතා, මානව සම්පත් සහ තාක්ෂණයෙන් සන්නද්ධ වෙමින් අපගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කරගනිමින් නව්‍ය රක්ෂණ සැලසුම් පොදු ජනතාවට හඳුන්වා දෙන අතරම රක්ෂණ ක්ෂේත්‍රයේ නව මානයන් සනිටුහන් කරමින් තවදුරටත් ශ්‍රී ලාංකිකයින්ට ඉහළම රැකවරණය සැලසීමට අප බැඳී සිටිනවා.”

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්.අලුත්ගම මහතා මෙසේ අදහස් දක්වන ලදී, “2019 වසරේදීත් අප ශ්‍රී ලංකාවේ විශාලතම හා ශක්තිමත්ම රක්ෂකයා ලෙසින් රැඳී සිටිනවා. 2019 වසරේ අපගේ කාර්යසාධනය රක්ෂණ ක්ෂේත්‍රයේ අප සතු ශක්තිමත් භාවය නැවතත් තහවුරු කර තිබෙනවා. අපගේ විචක්ෂණ ව්‍යාපාර උපායයන් මගින් ක්ෂේත්‍රයේ පැනනගින අවස්ථාවන් හඳුනාගෙන ඒ ඔස්සේ ප්‍රතිලාභ ලබාගැනීමටත් අභියෝගාත්මක කාල පරිච්ජේද වලට මුහුණ දීමට සහ ඒවා ජයගැනීමටත් හැකිව තිබෙන අතර ඉදිරියටත් මෙම ධනාත්මක වර්ධන වේගය පවත්වාගෙන යාමට හැකිවන බව අපගේ විශ්වාසයයි’.’