අයිඩියල් මෝටර්ස් මඟින් ජයශ්‍රී මහා බෝධියට සහ රුහුණු කතරගම මහා දේවාලයට මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ පරිත්‍යාගයක්

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම, අයිඩියල් ව්‍යාපාර සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරුන් විසින් අනුරාධපුර මහා විහාරවාසී අංකුඹුරේ රේවත, කිරින්දේ ඥානදර්ශන යන නාහිමිවරුන් වෙත මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත‍්‍රිරෝද රථයේ යතුර බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ අයිඩියල් මෝටර්ස් කළමනාකරුවන් වන සමීර බමුණුආරච්චි, මංජුල මාරසිංහ හ සහ අයිඩියල් මෝටර්ස් සාමාන්‍යාධිකාරි චන්දන සූරියආරච්චි යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ නිෂ්පදන සඳහා මෙරට එකම බලයත් අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් විසින් නවතම මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත‍්‍රිරෝද රථ දෙකක් බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධියට සහ රුහුණු කතරගම මහා දේවාලයටපසුගියදා පරිත්‍යාග කරනු ලැබීය.

අයිඩියල් මෝටර්ස් සමාජ සුබසාධන ව්‍යාපෘති යටතේ, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මග පෙන්වීම මත අයිඩියල් මෝටර්ස් සුබසාධක සංගමය මගින් මෙම ඉලෙක්ටි‍්‍රක් ත‍්‍රිරෝද රථ පරිත්‍යාග කිරීම සංවිධානය කරනු ලැබීය. ඒ අනුව පසුගියදා අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධියට, ස්වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීම පිණිස පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා, අනුරාධපුර මහා විහාරයේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලාගේ ගමනා ගමන කටයුතු සඳහා මෙන්ම රෝගී වන බැතිමතුන්ගේ උපස්ථාන කටයුතු සඳහා අවශ්‍ය ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන් මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත‍්‍රිරෝද රථයක් පරිත්‍යාග කෙරිණි.

මීට අමතරව රුහුණු කතරගම පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන්ද අයිඩියල් මෝටර්ස් විසින් මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත‍්‍රිරෝද රථයක් රුහුණු කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා වෙත භාර දෙන ලදී.

එමෙන්ම කොවිඞ්-19 වසංගතය මෙරට ව්‍යාප්තිය සිදුවූ පසුගිය මාර්තු මාසයේ අග භාගයේදී අයඩියල් මෝටර්ස් සිය සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් නොපැකිළිව සිය දායකත්වය ලබාදෙන ලදී. මෙහිදී පසුගිය මාර්තු මාසයේ අග භාගයේ අයිඩියල් මෝටර්ස් මුල්ලේරියාව නැගෙනහිර රෝහලට අත්‍යවශ්‍යව තිබූ රෙදි සෝදන යන්ත‍්‍ර 2ක් පැඩල් බඳුන් 50ක් පරිත්‍යාග කෙරිණි.

තවද පසුගිය අපේ‍්‍රල් මාසයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය කරන PPE කට්ටල තොගයක් සහ ෆේස් ශීල්ඞ් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සඳහා කොළඹ, හුණුපිටිය ගංගරාම විහාරස්ථානයේදී සෞඛ්‍ය නිලධාරීන් වෙත බාරදීම, මැයි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට, රෝගීන්ගේ දත්ත ගබඩා කර තැබීම සඳහා අත්‍යවශ්‍යව තිබූ පරිගණක යන්ත‍්‍ර පරිත්‍යාග කිරීමද සිදුකරනු ලැබීය.