සම්පත් බැංකුව zBusiness Today Top 30හි 4වැනි ස්ථානය දක්වා ඉහළ යයි

සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රියාකාරී ආයතනයක් බව නැවත නැවතත් තහවුරු කරමින් 2019 -2020 වසර සඳහා වන Business Today Top  30හි තම ස්ථානය තවදුරටත් ඉහළ නංවා ගැනීමට සමත් වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. සම්පත් බැංකුව මෙම වසරේ ශ්‍රේණිගත කිරීම්හිදී පසුගිය වසරට වඩා එක් ස්ථානයක් ඉදිරියට යමින් හොඳම ආයතන අතර සිව් වැනි ස්ථානය දිනා ගැන්මට සමත්ව ඇත.

අඛණ්ඩව වසර 23 ක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තු ගත සමාගම්හි කාර්ය සාධනය පදනම් කර ගනිමින් Business Today සඟරාව විසින් මෙම Top 30 ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි. එසේම මෙම දර්ශකය ප්‍රසිද්ධ ප්‍රකාශන හා තොරතුරු පදනම් කරගනිමින් KPMGහි සහයෝගය මත සම්පාදනය කරනු ලබයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ zzBusiness TodayZZ සඟරාව විසින් සිදුකරන ලද ශ්‍රේණි ගත කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතන අතර සිව් වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට සම්පත් බැංකුවට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි.

මේ සුවිසල් අවස්ථාව තුළින් අනාගතයේ අපගේ සියලු කොටස්කරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා පෙරටත් වඩා හොඳින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම අප දිනාගත යුතු ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපගේ සම්පත් බැංකු කණ්ඩායම විසින් සිදුකරන කැපවීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය පලකර සිටින අතර බැංකුව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාගේ සහයෝගය ඉදිරියේදීත් බලාපොරොත්තු වන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි” යනුවෙනි.

සම්පත් බැංකුව එක්සත් රාජධානිය පදනම් කරගත් ලෝක මූල්‍ය සඟරාව විසින් සංවිධානය කරනු ලැබූ World Finance Banking සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ Best Retail Bank ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ Best Commercial Bank ලෙසද අඛණ්ඩව වසර 7ක් ගෞරවයට පාත්‍ර වී ඇති අතර එක්සත් රාජධානියේ zBankerZ සඟරාවේ Top 1000 World Banks අතරටද සම්පත් බැංකුව එක්ව ඇත. එමෙන්ම LMD සඟරාවෙහි Most Respected සහ Brands Annual publications අනුව සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ Most Respected Entities 10 අතරට මෙන්ම Most Loved Brands 10 අතරටද එක් වෙමින් පිළිගැනීමට ලක්ව ඇත.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීනතම මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අදටත් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස ඉදිරියට යමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය” බැංකු කාලය දීර්ඝ කිරීම slip-less බැංකුකරණය ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදු කර ඇති සම්පත් බැංකුව 2020 වසරේදී සාම්ප්‍රදායක බැංකුකරණයෙන් ඔබ්බට යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.