අලියාන්ස් 8 වසරක් වෙනුවෙන් ඔලිම්පික් සහ පැරාඔලිම්පික් සමඟ එක් වෙයි

අලියාන්ස් රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්,කණ්ඩායම්, ස්වේච්ඡා සහභාගී වන්නන් සහ රසිකයන් එකට එක් කිරීම වෙනුවෙන් දේශීය වැඩ කටයුතු පුළුල් කරයි.

සිය නිෂ්පාදන හා සේවාවන් සමඟ ඔලිම්පික් හා පැරාඔලිම්පික් ව්‍යාපාරයන් දිරිමත් කරයි
2006 වසරේ සිට පැරාඔලිම්පික් තරඟාවලිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අලියාන්ස් පසුගිය ජනවාරි 1 වනදා ඔලිම්පික් හා පැරාඔලිම්පික් තරඟාවලි සමඟ අටවසරක ලෝක ව්‍යාප්ත හවුල්කාරීත්වයක් ආරම්භ කරනු ලැබීය.

අලියාන්ස් SEහි ප්‍රධාන විධායක නිළධාරී ඔලිවර් බේට් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ලෝකය පුරා රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් පත් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ක්‍රීඩා කටයුතු සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන සහකරුවකු වශයෙන් මෙන්ම විශිෂ්ටත්වය, මිත්‍රත්වය, අන්තර්ගතය හා ගෞරවය යනාදී මූලික සාරධර්මයන් තුළින් අලියාන්ස් සමාගම, 148,000 ක් පමණ වන සේවක ප්‍රජාව මෙන්ම 10,000ක් පමණ වන නියෝජිතයන් පිරිසක් මේ සමඟ එක්ව සිටිනවා. ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම උදෙසා ඔවුන්ව ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරනු ඇත.” යනුවෙන් පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ්හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “අපගේ ආචාර ධර්මයන් බෙදා හදා ගනිමින් ආයතන සමඟ අඛණ්ඩ සහයෝගීතාවයෙන් කටයුතු කරන අප මිනිසාගේ ජයග්‍රහණ සැමරීම සහ මිලියන ගණනකගේ දිරිමත් කිරීම වෙනුවෙන් ඔලිම්පික් සහ පැරාඔලිම්පික් තරඟාවලි සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳ ඉතා සතුටට පත් වෙනවා. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පැරාඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජය ඝෝෂා නගමින් නිරන්තරයෙන් ඔවුන්ට සහාය වනු පිණිස ලොව පුරා සිටින අලියාන්ස් කණ්ඩායම් සාමාජිකයන් සමඟ එක් වීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

2018 සැප්තැම්බර් මාසයේ මෙම සහයෝගීතාව පිළිබඳව ප්‍රකාශයට පත් කළ දින සිටි රක්ෂණකරු විසින් ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය හා ස්පාඤ්ඤය යන නියමු වෙළෙඳපොල 4ක් හරහා ක්‍රීඩකයන්, රසිකයන්, කණ්ඩායම් හා සේවකයන් සමඟ එක්ව කටයුතු කළේය.. මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් වන විධි ක්‍රමයන් ප්‍රදර්ශනය වෙනුවෙන් අලියාන්ස් විසින් ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටු යහ පැවැත්මේ සතිය “Australian Olympic Committee’s Wellbeing Week” ඉදිරිපත් කරන ලදී. එමෙන්ම අලියාන්ස් ක්ලබ් පැරිස් 2024 වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සේවකයන්, පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් දිරිමත් කිරීමට 2014 පැරිස් ඔලිම්පික් තරඟ සංවිධායක කමිටුව සමඟ එක්ව කටයුතු කරන ලදී.

තවද ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ රසිකයන් සමඟ සම්බන්ධ වීම වෙනුවෙන් දේශීය වශයෙන් සිදු කරන කටයුතු පුළුල් කිරීමටද අලියාන්ස් කටයුතු කර ඇත. 2022 බීජිංහි ඔලිම්පික් ගිනිසිළුව ගෙන යාමේ අවස්ථාව සඳහා සහභාගී විමට සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දෙනු ඇති අතර ක්‍රීඩා සඳහා උත්සාහ කිරීම, මිත්‍රත්වය ගොඩනැගීම සහ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගෙන් අධ්‍යයනය හරහා තම ක්‍රීඩා කඳවුරෙහි ජීව ගුණය හා ආචාර ධර්මයන් ඉහළ නැංවීමට අලියාන්ස් තාරුණ්‍යය සමඟ එක්වීම ඉන් කිහිපයකි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අන්තර්ජාතික ඔල්ම්පික් කමිටු සභාපති තෝමස් බැච් මහතා “2018 වසරේ මෙම නව ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අපගේ කණ්ඩායම් මේ වන විටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඔලිම්පික් තරඟාවලියට සහාය දැක්වීම සඳහා නියමු වෙළෙඳපොල තුළ එක්ව කටයුතු කරමින් සිටිනවා. අපි මෙම නව ඔලිම්පික් වර්ෂය ආරම්භ කරන විට අලියාන්ස් සමඟ අපගේ ගෝලීය සහයෝගීතාව නොපමවා ආරම්භ කිරීමට ලැබීම පිලිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා යනුවෙන් පවසා සිටින ලදී.

අන්තර්ජාතික පැරාඔලිම්පික් කමිටු සභාපති ඇන්ඩෘ පාසන්ස් සඳහන් කර සිටියේ අලියාන්ස් පැරාඔලිම්පික් තරඟාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ වටිනාකම්වලට ගෝලීය දැක්මක් ගෙන එනු ඇති අතර අපගේ ඊළඟ අදියරේදීද එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා යනුවෙනි.

මෙම සබඳතාවය 2021 සිට 2028 දක්වා පැවැත්වෙනු ඇත. වැඩි විස්තර Allianz’s website වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.