අයිඩියල් මෝටර්ස් වෙතින්, සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය වෙත මහින්ද්‍රා විදුලිජනක යන්ත‍්‍ර

ඡායාරූපයේ වමේ සිට - අයිඩියල් මෝටර්ස්හි කළමනාකරු (අලෙවියෙන් පසු සේවා) බුද්ධික බණ්ඩාර, සහකාර අලෙවි කළමනාකරු සමන්ත බණ්ඩාර, අයිඩියල් මෝටර්ස් අලෙවි ප‍්‍රධානී ඩිල්ශාන් තෙන්නකෝන්, සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ සංවර්ධන කළමනාකරු තුෂාර චමින්ද, සාමාන්‍යාධිකරි හරිස්චන්ද්‍ර විතාරණ, ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි) නාගර් රුපේෂ්, අයිඩියල් මෝටර්ස් මෙහෙයුම් කළමනාකරු ජනක කුලතුංග, සහකාර සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල, ප‍්‍රාදේශීය අලෙවි කළමනාකරු නිශාන්ත අබේසිංහ, අයිඩියල් මෝටර්ස් සමූහ වෙළෙඳ කළමනාකරු සුජීව අමරසූරිය යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම, සියලූම මහින්ද්‍රා වාහන හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත‍්‍ර මිලදී ගනු ලැබීය.

ඒ අනුව සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සිය ග‍්‍රාමීය බැංකු සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය මහින්ද්‍රා Powerol 5KVA සහ මහින්ද්‍රා Powerol 10KVA වර්ගයේ ඩීසල් විදුලිජනක යන්ත‍්‍ර මගින් සිය අනාගත විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට නියමිතය.

අයිඩියල් ව්‍යාපර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ජයන්ත සේසිරි මහතා වෙත පසුගියදා මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත‍්‍ර බාරදෙනු ලැබිණි.

මහින්ද්‍රා Powerol ඩීසල් විදුලිජනක යන්ත‍්‍ර ඉන්දියානු කාණ්ඩයේ මෙරට ප‍්‍රමුඛයා බවට වර්තමානයේ පත්වී ඇති බව සතුටින් දැනුම් දෙමි. ඉතා කෙටි කලක් තුළ මෙම සුවිශේෂී ජයග‍්‍රහණය අපහට ලබාගැනීමට හැකි වූයේ අප විසින් ලබාදෙන අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවාවයි. එමෙන්ම ජාත්‍යන්තරව ලොව පුරා බලමෙවලම් පාරිභෝගිකයන් ආදරයෙන් වැළඳගත් සන්නාමයක් බවටද මෙය පත්වී ඇත. මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත‍්‍ර සන්නිවේදන ප‍්‍රමුඛයන්, කර්මාන්තශාලා, හෝටල්, බැංකු සහ වාහන සේවා ස්ථානයන්හි පළමු තේරීම වන අතර අයිඩියල් මෝටර්ස්හි අපි විවිධ ස්ථානවලට ගැලපෙන විදුලිජනක යන්ත‍්‍ර ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා යැයි අයිඩියල් මෝටර්ස්හි Powerol නිෂ්පාදන මෙහෙයුම් කළමනාකරු ජානක කුලතුංග මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත‍්‍ර විදුලි උත්පාදනය අතින් 5KVA සිට 625KVA දක්වා ලබාගත හැකි අතර මාදිලි 28ක් යටතේ ඉතා ආකර්ෂණීය මිලකට, දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදී ගත හැකිය. මෙම විදුලිජනක යන්ත‍්‍ර කාණ්ඩ 2ක් යටතේ වෙළෙඳපොළට නිකුත් වේ. එනම්, තැනින් තැන ගෙන යා හැකි 5KVA සින්ගල් පේස් පෝටබල් විදුලිජනක යන්ත‍්‍ර කාණ්ඩය හා 10KVA 1P/3P සිට 625KVA ත‍්‍රීපේස් විදුලි විදුලිජනක කාණ්ඩයයි.

2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍රා Powerol ඩීසල් විදුලිජනක යන්ත‍්‍ර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා බවට පත්විණි. එතැන් පටන් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වල බලශක්ති අවශ්‍යතා සපුරාලමින් මහින්ද්‍රා Powerol ශ‍්‍රී ලංකාවේ බලමෙවලම් වෙළෙඳපොළ තුළ ප‍්‍රධාන තැනක් උසුලමින් සිටී. මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත‍්‍ර යනු මහින්ද්‍රා එන්ජිමක් සමග ක‍්‍රියා කරන ප‍්‍රබල විදුලි උත්පාදක යන්ත‍්‍රයක් වන අතර එය අවම ඉන්ධන පරිභෝජනයක් සහිත, කල්පැවැත්ම අතින් මෙන්ම, ඝෝෂාකාරී ශබ්දයෙන්ද අවම ඉතාමත් කාර්යාක්‍ෂම විදුලි උත්පාදන යන්ත‍්‍රයක් යැයිද ඒ මහතා මහතා ප‍්‍රකාශ කළේය.

මහින්ද්‍රා Powerol ඩීසල් විදුලිජනක යන්ත‍්‍රවල සුවිශේෂී ලක්‍ෂණ ලෙසින් සඳහන් කළ හැක්කේ ශ‍්‍රී ලංකාව වැනි රටකට වඩාත් සුදුසු අඩු ඉන්ධන පරිභෝජනය සහ අඩු ශබ්ද මට්ටමයි. මේ වන විට පාරිභෝගිකයන් මහින්ද්‍රා Powerol ඩීසල් විදුලිජනක යන්ත‍්‍ර කෙරෙහි විශ්වාසය තබා තිබෙන්නේ ඒ නිසයි. ඒ සඳහා බලපා ඇති ප‍්‍රධාන කරුණ වන්නේ අයිඩියල් මෝටර්ස් විසින් පිරිනමනු ලබන අලෙවියෙන් පසු විශිෂ්ට පාරිභෝගික සේවාවයි. පාරිභෝගිකයන්ගේ පහසුව අපගේ සැලසුම්වල ප‍්‍රධාන අංගයක් වේ. දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා ස්ථාන 15ක් මගින් දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම දවසේ පැය 24 පුරා පාරිභෝගිකයන් හට අවශ්‍ය සේවාවන් ඉතා සාධාරණ මිලකට ලබාගත හැකිය. පරිභෝගිකයන් මිලදී ගන්නා සෑම මහින්ද්‍රා Powerol ඩීසල් විදුලිජනක යන්ත‍්‍ර සම්බන්ධයෙන් අලූත්වැඩියා සේවාව ගැන හෝ අමතර කොටස් ගැන කාලය හා අනවශ්‍ය මුදල් නාස්ති කිරීමක් අවශ්‍ය නොවන අතර අයිඩියල් මෝටර්ස් අප සෑම විටම පාරිභෝගික සෞභාග්‍ය සහතික කරනවා යැයි ජානක කුලතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය 1971 වසරේ ආරම්භ කරන ලද අතර මේ වන විට සමස්ත සේවක සංඛ්‍යාව 590 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. එමෙන්ම අපගේ සාමාජික සංඛ්‍යාව අති විශාලයි. මේ වන විට ශ‍්‍රී ලංකාවේ හොඳම විවිධ සේවා සමුපකාර සමිතිය ලෙස ඵලදායිතා රන් සම්මානය, තත්ව සම්මානය, ශ‍්‍රී ලංකාවේ විශාල පරිමාණ සේවා නිෂ්පාදන ආයතන අතර වැඩපොළ සහයෝගිතාව අතින් රන් සම්මානය අප සමිතියට හිමිවී තිබෙනවා යැයි මෙම සමූපකාර සමිතියේ සභාපති ජයන්ත සේසිරි මහතා කියා සිටියේය.

අප සමිතියේ ඇති ග‍්‍රාමීය බැංකු 28ක් සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය විදුලිජනක යන්ත‍්‍ර අයිඩියල් මෝටර්ස් වෙතින් ලබා ගැනීමට අප තීරණය කලේ එම ආයතනය අලෙවියෙන් පසු ලබාදෙන මිත‍්‍රශීලි සේවාව නිසයි. අප සමිතිය සතු තේ කර්මාන්තශාලාව සඳහා භාවිතා කරන මහින්ද්‍රා ට‍්‍රක් රථ සහ විදුලිජනක යන්ත‍්‍ර සඳහා ඔවුන් ලබාදෙන අති විශිෂ්ට සේවාව නිසා අපගේ අනිකුත් ග‍්‍රාමීය බැංකු ශාඛා සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය විදුලි ජනක යන්ත‍්‍ර අයිඩියල් මෝටර්ස් වෙතින්ම ලබා ගැනීමට අප තීරණය කළා යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.