යෝජිත දත්ත ආරක්ෂණ පනතට ඩිජිටල් ආර්ථික අංශයේ ප්‍රසාදය හිමිවෙයි

ජේෂ්ඨ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය

ඩිජිටල් ආර්ථිකයක් දියුණු කිරීම සඳහා යෝජිත දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත වැදගත්වන අකාරය පිළිබඳ දින තුනක සමුළුවක් පසුගියදා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සංවිධානය කල මෙම සමුළුවට , මූල්‍ය සේවා, සෞඛ්‍ය සේවා, නෛතික හා නිෂ්පාදන වැනි විවිධ කර්මාන්ත නියෝජනය කරන ක්‍රියාකාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 400 කට අධික පිරිසක් ක්‍රියාකාරීව සහභාගී වූහ. සහභාගිවුවන්ගෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් තාක්‍ෂණ කර්මාන්තය නියෝජනය කළ අතර රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ අධ්‍යාපන අංශවල සහභාගීත්වය ද ඉහල මට්ටමක පැවතුනි.

ඩිජිටල් ආර්ථිකය තුළ දත්ත උපායමාර්ගික වැදගත්කම, අවධානයට ලක්විය . සමාජ, ආර්ථික හා රජයේ ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් මාර්ගගතව සිදු කිරීමත් සමඟ පුද්ගලික තොරතුරු ගලායාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. වර්තමානයේ , වලාකුළු සේවා(Cloud services,) , අන්තර්ජාල ක්‍රියාකාරකම් , විශාල දත්ත (Big data) පරිහරණයෙන් විශාල ප්‍රතිලාභ ලබා ගත හැකිය. නමුත් දත්ත සහ පෞද්ගලිකත්වය පිළිබඳ සැකසංකා විසඳීමද හදිසි කරුණක් ලෙස වටහාගෙන ඇත. දත්ත ආරක්ෂණ යාන්ත්‍රණයක් සැකසීම සඳහා වන අභියෝගය වන්නේ අවදානම් කළමනාකරණය කිරීම සහ ප්‍රතිලාභ සීමා කිරීම හෝ ඉවත් කිරීමකින් තොරව ගැටළු විසඳීමයි.

සමාරම්භක සැසිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජේෂ්ඨ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සැසිවාරය අමතමින් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය, “මෙය වර්තමාන තත්වය තුළ මෙය කාලෝචිත සාකච්ඡාවකි. කොවිඩ් -19 එහි අවශ්‍යතාව තවත් වැඩි කර ඇත. දත්ත එක්රැස් කරන ආයතන සහ දත්ත සපයන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් නව නීති කෙටුම්පත මගින් පුළුල් ලෙස දක්වා ඇත. මෙම නීතිය මඟින් දත්ත රැස් කරන සංවිධාන සහ ඔවුන් එය සකසන ආකාරය පිළිබඳ වගකීම් මාලාවක් පනවා තිබේ. සමස්තයක් ලෙස ගත්කල මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තරව පිළිගත හැකි ප්‍රමිතීන්ට අනුකූලව සකසා ඇතිබව කිව හැකියි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා කියා සිටියේ, ‘අනාගත ආයෝජකයින් විසින් සලකා බලනු ලබන ප්‍රධාන සාධක වනුයේ ශ්‍රම බලකායේ කුසලතා, ආර්ථික තත්වයන්, කර්මාන්ත සහ නීතිමය රාමු කොතෙක් දුරට සහාය වේද යන්නයි. යෝජිත පනත් කෙටුම්පත මගින් අනාගත ආයෝජකයින්ට දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ විශ්වාසයක් ලබා දෙනු ඇත. සේවකයින් වශයෙන් ගෝලීය රැකියා අවස්ථා වලට යොමුවීමේදී , දත්ත පරිස්සමින් හැසිරවිය යුතු ආකාරය දැන ගැනීම ද වැදගත් ය. එබැවින් දත්ත සුරැකීම ඩිජිටල් ආර්ථිකයේ පුළුල් න්‍යාය පත්‍රයේ තීරණාත්මක අංගයක් බවට පත්ව තිබේ .

දෙවන දින සමුළුව ආරම්බ කරමින් අදහස් දැක්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නීති නිලධාරි අනුදි නානායක්කාර මහත්මිය මෙසේ පැවසීය.

යෝජිත පනත් කෙටුම්පත මගින් දත්තවල ආර්ථික වැදගත්කම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අවබෝධ කරගෙන ඇති අතර යෝජිත රෙගුලාසි ඩිජිටල්කරණය කරා යන ගමනේ දී ශ්‍රී ලංකාවට අන්තර්ජාතිකව විශාල වටිනාකමක් ගෙනදී ඇති බව පෙන්වාදෙන ලදී. දෙවන දින සමුළුවේදී නීතිඥ කීර්ති පතිරාජා ප්‍රධාන නීති නිලධාරි/ සමාගම් ලේකම් (නෙස්ලේ ලංකා) , නීතිඥ සමන්ත ද සොයිසා (Lincons-Inn), නීතිඥ සඳුනි වික්‍රමසිංහ, නීතිය හා රහස්‍යතා / කෙටුම්පත් කමිටු සාමාජික , නීතිඥ ෂෙනූකා ජයලත් – කළමනාකරු-නියාමන-කණ්ඩායම් නීති සහ නියාමන – (Dialog Axiata PLC) යන අය අදහස් දක්වන ලදී

අවසන් දින සමුළුව කර්මාන්ත අංශය නියෝජනය කරන ප්‍රවීණ කථිකයන් ගෙන් සමන් විත විය. ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සභාපති (FITIS )සහ කළමනාකාර අධ්‍යක්‍ෂ Lanka Bell Limited, ජෙහාන් පෙරින්පනායගම් අධ්‍යක්‍ෂ ( Board Director SLASSCOM )CEO Infomate (Pvt) Ltd, කිර්ති පෙරේරා (CEO Sri Lanka Telecom PLC), ශිවක්‍රිෂ්ණරාජා රෙන්ගනාදන් (කළමනාකාර අධ්‍යක්‍ෂ Commercial Bank PLC) යන අය සාකචාවට සහබාගිවු අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ /කර්මාන්ත සංවර්ධන චිරන්ති බාලපටබැදි මහත්මිය සාකච්චාව මෙහෙයයන ලදී .

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය කෙරෙහි දත්ත සුරක්‍ෂිතතාව සහ පෞද්ගලිකත්වය, සැලකිලිමත් විය යුතු ප්‍රධාන අංශයක් වනු ඇතිබවත් නව නීති බලාත්මක කිරීමට පෙර පවා, සංවිධාන සහ කර්මාන්ත තම ගනුදෙනුකරුවන්ට සේවය කිරීමේදී දත්ත ආරක්ෂණය කෙරෙහි සැලකිලිමත්වීම හා පිළිවෙත් අනුගමනය කිරීම ප්‍රසන්සනිය කරුණක් බව මෙහිදී බාලපටබැදි මහත්මිය පෙන්නදෙන ලදී. මෙම පනත් කෙටුම්පත පිළිගැනීමට හා කර්මාන්ත අංශයේ කටයුතු සදහා යොදා ගැනීමට දක්වන ඔවුන් උනන්දුව ගැන තමා පුදුමයට පත්වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.