ඌව පළාත් පොකුරු තාක්ෂණික සංවර්ධනයට, ICTA හා ට්‍රෙස් ආයතනය අතර අවබෝදතා ගිවිසුමක් ඇතිවෙයි

කලාපිය පොකුරු තාක්ෂණ සංවර්දනය (Regional Cluster Development) සදහා පවුද්ගලික අංශයට සහාය වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය එක්වේ. මෙපිලිබදවූ අවබෝදතා ගිවිසුමක් ට්‍රෙස් ( TRACE Expert City ) ආයතනය සමග පසුගියදා අත්සන් කෙරින. ඌව පළාත තුළ දෙවන ස්ථරයේ(Tier 2) තාක්ෂණ උද්‍යානයක් පිහිටුවීම, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමට අවශ්‍ය රාමුවක් පිහිටුවීම සදහාවූ එකඟතාවන් සහ අවබෝධතාව විධිමත් කිරීම මෙමගින් සිදු කෙරින .

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සදහා අවශ්‍ය සහාය ලබාදෙන අතර ට්‍රෙස් ආයතනය (TRACE Expert City) මඟින් ඌව පළාතේ හඳුනාගත් ස්ථානයේ නව ව්‍යාපෘතිය ආරම්බ කෙරෙනු ඇති.

තාක්‍ෂණය කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වූ රජයේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ හඳුනාගත් ස්ථාන පහක තාක්ෂණ උද්‍යාන පිහිටුවීමට තාක්‍ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.එම ප්‍රදෙසවල ප්‍රාදේශීය තාක්ෂණික පොකුරු සංවර්ධනය ස්ථාපිත කිරීම තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA )මගින් සිදුකෙරේ.

මෙම වැඩපිළිවල මගින් කලාපිය තාක්‍ෂණ නවෝත්පාදනයන් බිහිකිරීම, ව්‍යාප්තිය, ආරම්භක තාක්ෂන ව්‍යාපාර සදහා ආධාරකිරීම සහ වෘත්තීය නිපුනතාව දියුණු කිරීම මගින් කලාපීය දියුණු ආර්ථික පරිසර පද්ධතියක් ඇතිකිරීම අපේක්ශා කෙරේ. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ට්‍රෙස් ආයතනයේ සහ ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනයේ ඉහල නිලධාරිහු පිරිසක් සහබාගි වුහ.