මහා සංඝරත්නය පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හා දුලාන්ට ජපානයේදී ආශිර්වාද කරයි – ඡායාරූප

ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ බබළවන්නට පසුගියදා සමත් වූ පැරාලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් ලාභී දුලාන් කොඩිතුවක්කු ඊයේ (31) ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලට පැමිණ ඇති බව වාර්තා වනවා.

එහිදී මෙරට ජපාන තානාපති සංජිව් ගුණසේකර සහ තානාපති කාර්යාලයේ නිලධාරින් ඉතා උණුසුම් අයුරින් දිනේෂ් සහ දුලාන්ව පිළිගනු ලැබුවා.

මෙරට ජපාන තානාපතිවරයා විසින් ඔවුන් දෙදෙනාට සමරු තිළිණ පිළිගැන්වීමක් ද එහිදී සිදුකර  තිබෙනවා.

එමෙන්ම මෙම අවස්ථාවට වැඩමකර සිටි ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් දිනේෂ් ප්‍රියන්ත සහ දුලාන් කොඩිතුවක්කු හට ආශීර්වාද එක්කර සිටියා.