පැරාලිම්පික් විරුවෝ දිවයිනට ගොඩබසිති – ඡායාරූප සහිතයි

2021 පැරා ඔලිම්පික් තරඟාවලියේ රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත ප්‍රමුඛ කණ්ඩායමෙි ක්‍රීඩකයින් හා නිලධාරීන් පිරිසක් අද (07) දිවයිනට ළඟා වුණා.

ඔවුන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් යානාවකින්. ඒ , ජපානයේ තෝකියෝ නුවර සිට. ඔහු සමඟ ලෝකඩ පදක්කම් ලාභී දුලාන් කොඩිතුවක්කු ද පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔවුන්ව හරසරින් යුතුව පිළිගනු ලැබුවා.