ලෝක වාණිජ මණ්ඩලයේ (ICC)ශ්‍රී ලංකාවේ සභාපති ලෙස ශනිල් ප්‍රනාන්දු පත්වෙයි

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ ජාතික සභාපති ධූරයට ප්‍රකට ජාත්‍යන්තර ව්‍යාපාරික හා නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ද මහලේකම් ධූරයට හේමකුමාර ගුණසේකර මහතා ද පත්විය. පසුගියදා (24) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම සංගමයේ වාර්ෂික මහ සභාවේ දි මෙම නව නිලධාරිහු තේරී පත් වූහ.

පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ සිටි ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයන් එක්ව තම ජාත්‍යන්තර වෙළඳාම පහසුකරණය සඳහා 1919 දි පැරිසියේ දී ජාත්‍යන්තර වාණිජ කවුන්සලය පිහිටවනු ලැබීය.

ලෝක ව්‍යාපාරික සාමය ප්‍රධාන තේමාව කරගනිමින් බිහි වූ ජාත්‍යන්තර වාණිජ කවුන්සිලය (ICC) වර්තමානයේ රටවල් සියයක ක්‍රියාත්මක වු ලෝක ව්‍යාප්ත ව්‍යාපාර හා සේවා සමාගම් ආයතන මිලියන 45 ක් එහි සාමාජිකත්වය දරති.ජාත්‍යන්තර වෙළඳාමට අදාළ නීතිරීති සම්පාදනය,ව්‍යාපාරික ආරාවුල් නිරාකරණය සහ ප්‍රතිපත්ති උපදේශනය ජාත්‍යන්තර වාණිජ කවුන්සලය ඉටු කරන කාර්ය භාරයන් අතර ප්‍රධාන තැනක් ගනී.

මේ වන විට රටවල් අනූ දෙකක (92) ජාතික කමිටු පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකාව අයි.සී.සී හි ජාතික සාමාජිකත්වය ලබා ගත්තේ මීට වසර 65 පමණ පෙර වන අතර,ජාත්‍යන්තර වාණිජ මංඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා ශාඛාවේ 2021 සාංවත්සරික උත්සවයේ දි 2021/22 නව නිලධාරී මංඩලය තේරි පත් වූහ.