Prima KottuMee සන්නාම නව්‍යකරණයත් සමග වඩා ආකර්ෂණීය වෙයි

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික සන්නාමයක් වන Prima KottuMee, සන්නාම නව්‍යකරණයක් හරහා එහි රස ගුණ සපිරි චමත්කාරමත් බව නව තලයකට ඔසවා තැබීය. නව්‍යකරණයින් තුළින් පාරිභෝගික ආකර්ෂණය හා ආදරය දිනාගත් සන්නාමයක් වන Prima KottuMee ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශයන්හි ද සුවහසක් පාරිභෝගික ජනතාව වෙත විනෝදාස්වාදය ලබා දෙමින්, සිය Hot & Spicy ගමන් මඟ උත්කර්ෂවත් අයුරුන් සමරනු ලැබිණි. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවති මෙම එළිදැක්වීමේ උත්සවයට Prima සමාගමේ කළමනාකාරීත්වය, ආයතනික සාමාජික සාමාජිකාවෝ, සන්නාම තානාපතිවරියෝ වන යොහානි හා අශාන්යා සහ සන්නිවේදන හවුල්කරුවෝ රැසක් සහභාගී වූහ.

“Prima KottuMee හි ‘Hot N Spicy’ ගමන් මඟ අපි ආවර්ජනය කරන්නේ ඉමහත් සතුටකින්. මෙම විශිෂ්ට ගමනේ දී නියම ‘Hot N’ Spicy’ රසය සොයන පාරිභෝගික ජනතාව ආකර්ෂණය කර ගැනීමට අපට හැකි වුණා. අපගේ වටිනා පාරිභෝගික ජනතාව වෙත උපරිම Prima KottuMee අත්දැකීම ලබා දීම සඳහා ඔවුන්ගේ අදහස් සමගින් නිරන්තරයෙන් නව්‍යකරණය වීමට අපි කටයුතු කරනවා. ” යනුවෙන් Ceylon Agro Industries Pvt Ltd හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

තාරුණ්‍යයට මෙන් ම ජාත්‍යන්තරයට සරිලන අයුරින් නව්‍යකරණය කෙරුණු Prima KottuMee ඇසුරුම මඟින් නිෂ්පාදනයේ ආකර්ෂණය වර්ධනය වී ඇති අතර, නවීකරණය කරන ලද Prima KottuMee ලාංඡනය සන්නාමය වෙත නව අනන්‍යතාවක් ලබා දීමට සමත් වී ඇත. Prima KottuMee 2022 සහ 2023 යන වසරවල දී ‘වසරේ වෙළෙඳ දැන්වීම’ සඳහා වන කීර්තිමත් SLIM Kantar Peoples Awards සම්මානය දිනා ගැනීම එම සන්නාමයේ අලෙවිකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වයට සාක්ෂි සපයයි. එමෙන් ම සමාගමේ විකුණුම් සහ අලෙවි කණ්ඩායම් මෙන් ම අලෙවි නියෝජිත ජාලය ද මෙම සාර්ථකත්වයට හේතු වී ඇති බව පැවසිය යුතු ම ය.

ජාත්‍යන්තර කීර්තියට පත් ගායිකාවක වන යොහානි සහ නැගී එන යොවුන් ගායිකාවක වන අශාන්‍යා ප්‍රේමදාස මෙම උත්සවයේ දී සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, Prima KottuMee සාර්ථකත්වයට ඔවුන් ලබා දුන් දායකත්වය ද එහි දී ඇගයිණි. ඔවුන්ගේ විචිත්‍රවත් පෞරුෂයන්, කැපී පෙනෙන දක්ෂතා සහ විලාසිතා, සන්නාමයේ Hot ‘N Spicy සංකල්පය සමඟ මනාව සුසංයෝජනය වූ අතර, Prima KottuMee සන්නාමය තාරුණ්‍යයට සරිලන අයුරින් ජන ගත කිරීමට මෙම සන්නාම තානාපතිවරියන් දෙදෙනා සමත් වූ බව පැවසිය යුතු ම කරුණකි.

ඩිජිටල් ක්‍ෂේත්‍රය තුළ සිය ක්‍රියාකාරිත්වය පුළුල් කරමින්, Prima KottuMee නව වෙළෙඳ දැන්වීම Prima KottuMee YouTube නාලිකාව වෙත මුදා හැරුණු අතර, ඊට සමගාමී ව Prima KottuMee සන්නාම වෙබ් අඩවිය ද නිල වශයෙන් විවෘත කෙරිණි.

Hot N’ Spicy පාරිභෝගිකයින් අමන්දානන්දයට පත් කරමින් නවතම Prima KottuMee ‘නයි මිරිස්’ නිෂ්පාදනය හඳුන්වා දීම ද මෙම උත්සව අවස්ථාවේ දී සිදු කෙරුණු අතර, මෙම නිෂ්පාදනය හරහා ඉදිරියේ දී පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් ලබා දීමට Prima KottuMee සූදානමින් සිටී.

අද්විතීය මෙන්ම විවිධංගිකරණය වූ රසයන් සමඟින් ‘Prima KottuMee නයි මිරිස්’ ඇතුළු අනෙකුත් ප්‍රීමා කොත්තුමී රසයන් අත්විඳිමින් Hot N’ Spicy අත්දැකීමක් ලබා ගන්නා ලෙස Prima KottuMee පාරිභෝගිකයින් වෙත ආරාධනය කරයි.

මේ පිළිබඳ වැඩිදුර දැන ගැනීමට මෙන් ම නවතම පුවත් සමඟ යාවත්කාලීන වීමට Prima KottuMee වෙබ් අඩවිය (www.primakottumee.com) වෙත පිවිසෙන්න.