John Keells Properties සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘විමන්’ එළිදක්වයි.

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්‍ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ John Keells Properties සමාගම වර්තමාන නේවාසික ජීවන රටාවට සුවිශේෂී වෙනසක් එක් කරමින් ජා-ඇල නගර මධ්‍යයේ සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සාඩම්භරයෙන් එළිදැක්වීමට සූදානම් වේ.


ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී සිටින John Keells Holdings සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන John Keells Properties සමාගම, ජීවත්වීමට වඩාත් සුදුසු සුන්දර අවකාශයන් සහ සුවිශේෂී අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා ගනු ලැබූ නව ප්‍රවේශයන් හේතුවෙන් දේපළ වෙළඳාම් ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂී කීර්තියක් අත්කර ගෙන තිබේ.


‘නව ලොවක් නිර්මාණය කිරීම’ යන දැක්ම මත පදනම් වෙමින් සහ ජීවිතයේ අත්දැකීම් නැවත වරක් අරුත් ගැන්වෙන අවකාශයන් නිර්මාණය කිරීම, John Keells Properties සමාගමෙහි නව සුවිශේෂී ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ අරමුණ වේ. අක්කර හයක් (06) පුරා විහිදී ඇති මහල් නිවාස 418 ක හා නවීන පහසුකම්වල සුසංයෝගී සම්මිශ්‍රණයක් වන විමන් නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුරක්ෂිත වූ, ජීවත්වීමට සුදුසු හිතකාමී වටපිටාවක් හා සරල නාගරිකත්වය රඳවා ගනිමිනි.


John Keells Holdings PLC හි දේපල අංශයේ සභාපති නයන මාවිල්මඩ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”John Keells Properties සමාගමෙහි නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය එළිදැක්වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත් වෙනවා. ‘විමන්’ යනු නිවසකට වඩා ඔබ්බට ගිය දෙයක් බව අපගේ විශ්වාසයයි. එය සරල නාගරිකත්වයක උණුසුම කැටි කරගත් ජීවන රටාවකි. සමබරතාවය, ස්වභාවධර්මය සහ නවීන පහසුව යන මූලධර්ම වලින් අභාෂය ලද විමන්, පරිසරය පිළිබඳ අවබෝධය විවිධ ස්ථාන වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ ප්‍රජාවේ පෝෂණය යන කරුණු පාදක කර ගනිමින් වඩාත් සැලකිලිමත්ව සැලසුම් කරන ලද නිවාස එකතුවකි.


ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙහි පදිංචි කරුවන් සඳහා සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඇත. තවද, කොළඹ වරාය අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව විමන් සතු සුවිශේෂී වාසියකි. මෙම උපායමාර්ගික ස්ථානය පහසුකම් වැඩි දියුණු කරනවා පමණක් නොව පදිංචිකරුවන්ට සහ ව්‍යාපාර සඳහා වේගවත් ගමනක් සහතික කර දෙයි.
සශ්‍රීක වූ මධ්‍ය උයනක් සතු විමන් තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා ස්ථාන, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහුකාර්ය එළිමහන් ක්‍රීඩාංගනයක් සහ විදුලි වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසකින් යුක්තය. මෙම නවීන පහසුකම් තුළින් එම පදිංචිකරුවන්ට තම අධ්‍යාත්මය සමග සම්බන්ධ වීමට නිදහස් සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කර දෙන අතර පවුල්වලට සතුටින් හා සාමකාමීව සිටීමට කදිම පසුබිමක් නිර්මාණය කර දෙයි.


විශේෂයෙන්ම ‘විමන්’ ව්‍යාපෘතියෙහි බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව සූර්ය බල ගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමගින් ශක්තිමත් ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව, නවීන සුව පහසු හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කිරීමේ John Keells Properties සමාගම සතු කැපවීම හා අධිෂ්ඨානය විදහා දක්වයි.


John Keells Properties සමාගම විසින් නිම කරනු ලැබූ හා ඉදිකරමින් පවතින සංවර්ධනයන් අතරට The Emperor, The Monarch, 7th Sense, OnThree20, TRI-ZEN, සහ Cinnamon Life Integrated Resort, ඇතුළු සුචිශේෂී කැපී පෙනෙන නිර්මාණ ඇතුළත් වන අතර නේවාසික සහාධිපත්‍ය සංවර්ධනයෙහි අඛන්ඩව පෙරමුණ ගෙන කටයුතු කරමින් John Keells Properties ශ්‍රී ලංකාවේ නාගරික නේවාසික භූමි ප්‍රදේශ සැලසුම් කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

‘විමන්’ පිළිබඳ වැඩි විස්තර සහ නේවාසික ජීවිතයේ අනාගතය පිළිබඳව සොයා බැලීම සඳහා 076 062 062 අංකයෙන් John Keells Properties අමතන්න