Melsta Pharmacy සහ නවතම Melsta Laboratory සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානය කොළඹදී විවෘත කරයි

Melsta Health සිය ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කොළඹ 03, ගාලු පාරේ, අංක 453 දරන ස්ථානයේදී වැඩි දියුණ කරන ලද නවීන පහසුකම් සහිතව Melsta Pharmacy නැවත විවෘත කරන ලදි. ඊට සමගාමීව Melsta Laboratory සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ද එම ස්ථානයේදී විවෘත කරන ලදි.

කාර්යබහුල කොළඹ නගරය මධ්‍යයේ සියලුම දෙනාට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටි මෙම ඔසුහල සහ සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානය ක්‍රමවත්ව ඉදි කරන ලද විශාල වාහන නැවතුම් පහසුකම්වලින් සමන්විතය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නවීනතම පහසුකම් සහිත නිර්මාණාත්මක සැලැසුම්වලට අනුකූලව මෙහි ඉදිකිරීම් සිදු කර ඇති අතර ඒ ඔස්සේ සිය පාරිබෝගිකයාට ඖෂධීය සේවාවන්ට වැඩි සේවාවක් ලබා දීමට අපේක්ෂා කෙරෙයි. එසේම පාරිබෝගිකයා කේන්ද්‍ර කර ගත් ගුණාත්මක සේවාවක් ලබා දීම සිය අරමුණ කර ගත් Melsta Health මෙහිදී පාරිබෝගිකයන්ට දැරිය හැකි මිලකට ඉහළම සේවාවක් ලබා දෙමින් පාරිබෝගිකයාට නව අත්දැකීමක් සමීප කරනු ඇත.

Melstacorp පෞද්ගලික සමාගමේ උප සභාපති සහ රාගම මෙල්ස්ටා රෝහලේ සභාපති රෝයල් ජාන්ස් මහතා, Melstacorp පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සම්පත් පෙරේරා මහතා, රාගම මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂ සහ Melsta Health හි රෝහල් කළමනාකරණය පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී සහ රාගම මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ඉරෙයිවන් ත්‍යාගරාජා මහතා, රාගම මෙල්ස්ටා රෝහලේ සාමාන්‍යාධිකාරිනී රෝෂිතා නිරෝෂන් මහත්මිය, Melsta Laboratory හි සාමාන්‍යාධිකාරී ජෙරාඩ් ඩැනියෙල් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මෙම ඔසුහල සහ සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වූහ.

නවීන පහසුකම් සහිතව Melsta Pharmacy නැවත විවෘත කිරීමේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළ රාගම මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂ සහ Melsta Health හි රෝහල් කළමනාකරණය පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඉරියිවන් ත්‍යාගරාජා මහතා මෙසේ පැවසුවේය. “Melsta Pharmacy ප්‍රධාන ශාඛාව උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීම Melsta Health සතු ජාත්‍යන්තර දැක්ම තහවුරු කරන අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒ පිහිටීම කාලානූරූපව අපගේ සේවාවන්හි ජාත්‍යන්තර ප්‍රමිතිය තවත් වැඩිදියුණු කිරීමටත් පහසුවක් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපගේ ඔසුහල් සේවාව නවීන පහසුකම් සහිතව නැවත විවෘත කිරීමෙන් විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට අප තුළ වන කැපවීමත් පාරිබෝගිකයන්ට හොඳම දේ පිරිනැමීමට අප තුළ වන අඛණ්ඩ උත්සහයත් පිළිඹිබු කරනවා.“

“Melsta Health අපගේ ව්‍යාපාරික දර්ශනය වන්නේ අපගේ පාරිබෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතාවලට සරිලන ආකාරයේ දියුණු කරන ලද සහ නව්‍යකරණය කරන ලද සේවාවක් ලබා දීමයි. Melsta Pharmacy නවීන පහසුකම් සහිතව නැවත විවෘත කිරීම ඔස්සේ වැඩි පරාසයක සේවාවන් අපේ පාරිබෝගිකයන්ට ලබා දීමටත් එම සේවාවන් සඳහා පහසුවෙන් ළඟා වීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමටත් අපට හැකි වෙනවා. ඒ නිසා මෙහි ප්‍රතිස්ථාපනය කරන Melsta Pharmacy සහ Melsta Laboratory සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානය ඉදිරියේදී ඖෂධීය සේවාවන් සහ වෛද්‍ය රසායනාගාර සේවාවන් අපේක්ෂා කරන පාරිබෝගිකයන් වැඩි පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්නා ජනප්‍රිය ස්ථානයක් බවට පත් වනු ඇති බව අපි විශ්වාස කරනවා.“ යැයි රාගම මෙල්ස්ටා රෝහලේ සාමාන්‍යාධිකාරිනී රෝෂිතා නිරෝෂන් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

“Melsta Health හි දැක්ම සහ අරමුණු සාක්ෂාත් කරමින් Melsta Laboratory හරහා පුළුල් සෞඛ්‍ය සේවාවන් රැසක් ඉටු කරනවා. මෙරට ප්‍රමුඛ පෙළේ වෛද්‍ය රසායනාගාර උපදේශකයින්ගේ අධීක්ෂණය යටතේ නවීනතම තාක්ෂණය භාවිතා කරමින් රසායනාගාර සේවා ලබා දෙන අපට Melsta Pharmacy සමඟ ඒකාබද්ධ වීම නිසා අපගේ පාරිබෝගිකයන්ට අසමසම වෛද්‍ය සේවා අත්දැකීමක් ලබා දීමට අවස්ථාව ලැබෙනවා.“ යැයි Melsta Laboratory හි සාමාන්‍යාධිකාරී ජෙරාඩ් ඩැනියෙල් මහතා පෙන්වා දුන්නේය.

ලංකාවේ විශිෂ්ටතම රසායනාගාර සේවය ලෙස Melsta Laboratory සිය ප්‍රමිතිය කෙරෙහි නිරන්තරයෙන් සැළකිලිමත් වන අතර ඉහළම තත්ත්වයේ වෛද්‍ය උපකරණ සහ ප්‍රතික්‍රියාකාරක මෙන්ම ජාත්‍යන්තර කීර්තියක් දිනූ නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරන ලද පර්යේෂණ උපාංග සිය පර්යේෂණ සඳහා යොදා ගනියි. එසේම යුරෝපීය තත්ත්ව සහතික මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන Melsta Laboratory හි කොළඹ පිහිටි ප්‍රධාන ශාඛාවට අමතරව මහනුවර, කුරුණෑගල සහ කරාපිටිය ප්‍රදේශවල ද රසායනාගාර පිහිටුවා ඇත.