ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වැනි වෙසක් මංගල්‍ය යෙදෙන මැයි 07වැනිදා අලුයම සිට පසුදා අලුයම 5.00 දක්වා පෝදා ආගමික වැඩසටහන් කොල්ලුපිටිය වාළුකාරාම පුරාණ විහාරස්ථානයේ සිටත් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ගෝනපල ඔලබොඩුව ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ සිටත් ස්වදේශීය සේවය, වෙළඳ සේවය යන ප්‍රධාන නාලිකා දෙකක් ඔස්සේත් කඳුරට, රජරට, රුහුණ සහ වයඹ යන ප්‍රාදේශීය සේවාවන් ඔස්සේත් සජීවීව විසුරුවා හරිනු ලැබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන්විදුලි මාධ්‍ය ජාලය වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ එක්වෙමින් දවස පුරා පැවැත්වෙන ධර්ම දේශන, ධර්ම සාකච්ඡා, බුද්ධ වන්දනා, බෝධි පූජා සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් මේ වෙසක් පෝදා නිවසේම රැඳි සිටිමින් නිවස දහම් මණ්ඩපයක් බවට පත්කර ගැනීමට ඔබට අවස්ථාව උදාවී ඇත.