ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නව සභාපතිනිය වැඩ භාරගැනේ

ජනතාවගේ සමීපතම බැංකුව බවට ජාතික ඉතිරි කිරීමේ බැංකුව පත්කිරීම තම ඒකායන අරමුණ සහ ඉලක්කය බව එහි නව සභාපතිනි කේෂලා රමණි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ කොල්ලුපිටියේ පිහිටි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මූලස්ථානයේදී ඉකුත් දා (02) ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව පැවති උත්සව සභාව අමතා අදහස් දක්වමින් කේෂලා ජයවර්ධන මහත්මිය එසේ කීවාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය ලෙස පත්වීම් ලැබූ කේෂලා ජයවර්ධන මහත්මිය වැඩ භාරගැනීමේ අවස්ථාවට මහා සංඝරත්නය වැඩමකොට ආගමික වතාවත් සිදු කළහ.

ඉන් අනතුරුව උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය මෙසේ පැවසුවාය.

” ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ධුරය සඳහා මා පත්කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මාගේ ස්තූතිය හා ගෞරවය පළමුව පුදකරන්න කැමතියි. මේ ධුරයන් සදාකාලික නැහැ. මේවා දේශපාලන පත්වීම් වෙන්නට පුළුවන්. නමුත් එම තනතුරුවලට පත්වූ අප ඉදිරියට සිදුකරනුයේ මේ රටේ සමස්ත ජනතාවගේම අනාගතය දීප්තිමත් කිරීම සඳහා සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. කිසිදු පක්ෂ, පාට දේශපාලනයකින් තොරව අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වන ආර්ථික හා සාමාජීය දියුණුවක් ඇතිකරගත් රටක්, සමාජයක්, ජනතාවක් බිහිකිරීමටයි අපි කටයුතු කරන්නේ. “

“ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආරම්භක අභිමතාර්ථ වනුයේ මේ රටට අවශ්‍ය සංවර්ධනය ඇතිකරළීම සඳහා වූ ප්‍රාග්ධනය රට තුළම උත්පාදනය කර ගැනීමයි. එහිදී දේශීය ඉතුරුම් ඉහළ නංවා ගැනීමට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අපේ වගකීමයි. 1960, 70 දශකයේ ලෝකයේ විවිධ රාජ්‍ය ආයතන ප්‍රාග්ධනය ලෙස අප වැනි රටවලට මුදල් ලබා දුන්නා. එය ප්‍රතිශතයක් ලෙස 60% – 70% ක් වුණා. නමුත් මේ වන විට එවැනි ප්‍රාග්ධන ලබාදීම් 10% වැනි මට්ටමකට අඩු වී තිබෙනවා.”

“ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන ස්වරූපයෙන් ක්‍රියාත්මක ජාත්‍යන්තර හා ජාතික සංවිධානවල ප්‍රාග්ධන ලබාදීම් ද අඩු වී තිබෙනවා. මේ නිසා අපි නැවත වතාවක් අපේ ආරම්භක අරමුණු වුණ සතෙන් සතේ එකතුකොට මහා විශාල ධනස්කන්ධයක් එකතුකොට රටේ සංවර්ධනයට දායක කිරීමට ක්‍රියා කළ යුතුයි. ඒ අනුව අපි ඉදිරියේදී හැකි තරම් ජාතික ඉතුරුකිරීම් ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි. එහිදී අපේ බැංකුව Òළඟම බැංකුව – අපේ බැංකුව NSBÓ තේමාව ‍ඔස්සේ ජනතාවගේ තැන්පතු භාරගැනීමට මෙහෙයවීම මගේ මූලික අරමුණයි, ඉලක්කයයි.”

උත්සවය සහභාගි වූ පිරිස අමතමින් නව සභාපතිනිය එලෙස වැඩිදුරටත් අදහස් දැක්වූවාය.