2020 ට Huawei වෙතින් Wearables රැසක්

ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සපයන්නෙකු වන Huawei විසින් වැඩි දියුණු කළ තාක්ෂණයෙන් යුත් නවීනතම wearables රැසක් එළඹෙන වසරේදී දේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී. අලංකාර ස්මාර්ට් ඔරලෝසු සහ බෑන්ඩ්ස් නිෂ්පාදනයේ ප්‍රමුඛයින් වන Huawei මෙවර වෙළඳපොළට නිකුත් කරන නිෂ්පාදන අතර Huawei Watch GT2, FreeBuds 3, Huawei Band 4 සහ Huawei Band 4e ප්‍රමුඛතාවයක් ගනී.

මෙම හඳුන්වාදීම් පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පවසා සිටියේය. ” 2020 වසර Huawei සමාගමට ඉතාමත් සුවිශේෂී වසරක් වනු ඇති අතර ගෙවුණු වසරේ අප හා එක්ව සිටි සියලුම පාරිභෝගිකයින්ට සුභ නව වසරකට මා සුභපැතුම් ගෙන එනවා. අප විසින් 2020 වසර ආරම්හ කරනුයේ උසස්ම තාක්ෂණයෙන් යුත් Wearables රැසක් ශ්‍රී ලාංකීය වෙළඳපොළට ඉදිරිපත් කරමින් මෙම සියලුම නිෂ්පාදන ආකර්ෂණීය නිමාවකින් මෙන්ම අසම සම ක්‍රියාකාරිත්වයකින් යුක්ත වන අතර වෙළඳපළ තුළ ඇති අනෙකුත් කිසිදු තරගකාරී නිෂ්පාදනයක දැකිය නොහැකි විශේෂාංග රැසකින් සමන්විත වෙනවා. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට උසස්ම තාක්ෂණය අත්විඳීමේ හැකියාව තව දුරටත් ළඟා කරමින් මෙවැනිම ආකාරයේ තවත් නිෂ්පාදන රැසක් 2020 වර්ෂයේදී ශ්‍රී ලාංකීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අප බලාපොරෝත්තුවෙන් පසු වනවා.

Huawei Watch GT2 එහි ඇති සුවිශේෂී විශේෂාංග රැසක් නිසා දැඩි පාරිභෝගික ආකර්ෂණයකට ලක්ව තිබෙනවා. ඒ අතර ඇමතුම් සහ notifications පරිශීලකයාට අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා settings තුළ වූ options, වැඩි දියුණු කරන ලද නිරවද්‍යතාවයකින් යුත් heart-rate monitor sensitivity විශේෂ වේ. මිලිමීටර් 46 ක ප්‍රමාණයේ ඔරලෝසුව අඟල් 1.39 ක AMOLED තිරයකින් සහ පික්සල් 454 x 454 ක resolution සහ nits 1000 ක දීප්තියකින් ද යුක්ත වේ. Watch GT2, Kirin A1 පරිපථයක් මඟින් බල ගන්වා ඇති අතර වැඩි වෙලාවක් භාවිත කළ හැකි ආකාරයේ intelligent power-saving තාක්ෂණයෙන් ද යුක්තය. 2GB RAM සහ 4GB මතක ධාරිතාවයක් හිමි Watch GT2 හි ගීත 500කට වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම අවස්ථාවේදී නව නිෂ්පාද පිලිබඳ තොරතුරු Huawei සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන ඉංජිනේරු ප්‍රධානි ඩේවිඩ් සූ මහතා (David Xu) පැමිණ සිටි පිරිසට ඉදිපත් කල අතර Huawei සමාගමේ මෙරට අලෙවි ප්‍රධානි චරිත කරුණාරත්න මහතා විසින් Huawei සමාගම වෙනුවෙන් පැමිණ සිටි පිරිසට ස්තුතිය පල කරන ලදී.