2020 ඔලිම්පික් ශ්‍රී ලාංකීය පදක්කම් සිහිනය – මැටිල්ඩා කාල්සන්

මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් අවසන් වටයට සුදුසුකම් ලබා පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් පවසයි.

ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මේ වනවිට ශ්‍රී ලංකා නාමය යටතේ සුදුසුකම් ලබා සිටින එකම ක්‍රීඩිකාව ස්වීඩනයේ ජීවත්වන මැටිල්ඩා කාල්සන් පමණි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මේ වසරේ ජූනි මස 29 වැනිදා දක්වා සුදුසුකම් ලැබීමේ අවස්ථා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උදාවී ඇති අතර එවැනි සුදුසුකම් ලැබීමක් සිදු නොවුණහොත් ‘වයිල් කාඩ්‘ ක්‍රමය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට යැවීමට කටයුතු කරන බව ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය. මේ කරුණු අනාවරණය වූයේ මැටිල්ඩා කාල්සන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම පිළිබඳ ඔලිම්පික් නිවහනේ පැවැති මාධ්‍ය හමුවකදීය.