සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබා ගත් ණය පිලිබඳ ජනවාරි 31 ට දැනුම් දෙන්න

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රජය විසින් ලබාදෙන බදු සහන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබන 31 වන දාට පෙර තමන් ණය ලබා ගත් බැංකු ශාඛා වෙත ඒ පිළිබද දැනුම් දෙන ලෙස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දන්වා සිටියි.

රුපියල් මිලියන 300කට අඩු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ඉලක්ක කරගෙන රජය අදාළ සහන පැකේජය ප්‍රකාශයට පත් කළේ සෞභ්‍යයේ දැක්ම අනුව එම ක්ෂේත්‍රය නංවාලීමටයි.

ඒ අනුව දැනට අක්‍රිය මට්ටමේ පවතින ණය වෙනුවෙන් නීතිමය පියවර ගැනීම බැංකු විසින් අත්හිටුවා ඇති අතර, ඔවුන් වෙත පනවා තිබූ දඩ පොලිය ද අහෝසි කර ඇති බව අමාත්‍යාංශය දන්වා සිටියි.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙම ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියළු වාණිජ බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ .