AIBL හදුන්වාදෙන clicktoinsure.lk මඟින් රක්ෂණයේ පහසුව වැඩි කරවයි

කාලයට අවශ්‍ය පරිදි වෙනස්වීමේ අවශ්‍යතාව හදුනාගනිමින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් තම සේවා පහසුවෙන් පාර්භෝගිකයාට ලබා දීමේ තවත් පිම්මක් සනිටුහන් කරමින් www.clicktoinsure.lk හරහා අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා දීමේ ලොවට පිවිසෙනු ලබයි. මෙම නව වෙබ් අඩවිය ඔස්සේ ක්ලික් කළ සැනින් ඔබගේ  රක්ෂණයට අදාළව රක්ෂණ සමාගම්වලින් ලබා දෙන ඇස්තමේන්තු පරීක්ෂා කළ හැකි අතර අවසානයේදී ඔබ කැමති රක්ෂණ සමාගම තෝරාගත හැකි අතර රක්ෂණ සහතිකය ලැබෙන තුරු එවලේම තාවකාලික රක්ෂණ සහිතකය (cover note) ලබා ගැනීමේ හැකියාව ඇත. මෙහිදී ඒ සදහා අවශ්‍ය ලියකියවිලිවල පළමු පිටපත් අවශ්‍ය නොවන අතර ඒවායේ පිටපත් වෙඩ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කල හැකිය. එසේම පාරිභෝගිකයන්ගේ මින් පෙර කරන ලද ගනුදෙනුවලට අදාළ වාර්තා පරීක්ෂා කිරීමටද මෙම වෙඩ් අඩවියේ පහසුකම් සලසා ඇති අතර එම ගනුදෙනු වාර්තා මෙන්ම ඇස්තමේන්තු, තාවකාලික රක්ෂණ සහතික සහ රිසිට් පත් වැනි දෑ බාගත කිරීමේ හැකියාද ඇත.

වර්තමාන තත්ත්වයට අනුගත වෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ www.clicktoinsure.lk  වෙබ් අඩවිය 2020 ජුනි  මස 01 වන දින සයිබර් අවකාශයට මුදා හැරියේය.

මෙම අවස්ථාව අමතමින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි සභාපතිනි රෝමණී පරාක්‍රම මහත්මිය පැවසුවේ හැම විටම තම සමාගම පාරිභෝගිකයන්ට ලබාදුන් නවමු අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කරමින් සේවා ලබා  ගැනීම සදහා සමාගම වෙත පිවිසීම www.clicktoinsure.lk මඟින් දැන් තවත් පහසු කර ඇති බවයි.

කුමන වේලාවක කුමන ස්ථානයක සිටියද රක්ෂණ සමාගම් වෙතින් ලබා දෙන ඇස්තමේන්තු සසදා බලා රක්ෂණ ආවරණය තම සිතැගි පරිදි තෝරා ගැනීමේ හැකියාව මෙන්ම හදිසි අවස්ථාකදී හෝ හිමිකමක් ලබා ගැනීමේදී ලකාව පුරා විහිදුණු ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි මනාව පුහුණුව ලත් වෘත්තීයමය කාර්ය මණ්ඩලය හා සම්බන්ධ වීමේ හැකියාව අතිශය වැදගත් වනු ඇත. එම කාර්යයන් ඔබ කොතැන සිටියත් ඔබට අවශ්‍ය මොහොතේදී වඩාත් පහසුවෙන් සහ මානුෂීය හැගීමෙන් යුතුව ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් වෙතින් සිදු කර දෙන බව පරාක්‍රම මහත්මිය තවදුරටත් පවසයි.

ඇසට්ලයින් ඉන්ෂුවරස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි අධ්‍යක්ෂ ධනික ද සිල්වා මහතා පැවසුවේ පවතින වසංගත තත්ත්වය සමග පාරිභෝගිකයන්ගේ රක්ෂණයන් අලුත් කිරීමට හෝ නව රක්ෂණාවරණ ලබා ගැනීමට මෙසේ අන්තර්ජාලය ඔස්සේ සේවා පහසුකම හදුන්වාදීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බවයි.

අද කාලයේ පවතින කාර්ය බහලු ජීවන රටාවත් සමග රක්ෂණය අලුත් කිරීම අප පාරිභෝගිකයන්ට අතපසු විය හැකි නමුත් මෙම වෙඩ් අඩවියට පිවිසීමෙන් සතියේ දින හතේම පැය 24 පුරාම තමන්ගේ රක්ෂණයේ තත්ත්වය පරීක්ෂා කිරීමට පාරිභෝගිකයන්ට පහසුකම් සලසා ඇති බවත් ද සිල්වා මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නවතම තෙරතුරුවලට අනුව එම කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්ෂණ තැරැව්කාර සමාගම් 66ක් අතුරින් ඇසට්ලියන් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් 03 වන ස්ථානය හිමි කරගෙන ඇත.

තම ආයතනය විසින් ලීසිං පහසුකම් ලබාගන්නා පාරිභෝගිකයන්ට එකම වහලක් යටදී අවශ්‍ය සියල්ල වඩාත් පහසුවෙන් ලබා දීම සදහා ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ඇසට්ලයින් මූල්‍ය සේවා සමූහයේ සාමාජිකයෙකු ලෙස ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ආරම්භ කෙරුණි. ඇසට්ලියන් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්  2004 වර්ෂයේ සිට මේ දක්වා පෞද්ගලික මෙන්ම ආයතනික පාරිභෝගිකයන්ටද ඔවුන්ගේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි සේවා සපයමින් තම පාරිභෝගිකයන්ගේ රක්ෂණ හිමිකම් වඩාත් ඉක්මනින් ලබාදීමට කටයුතු කර ඇත. ආරම්භයේදී සාමාන්‍ය රක්ෂණ පමණක් සැපයුවද මේ වන විට ජීවිත රක්ෂණ, Decreasing Term Assurance (DTA) මෙන්ම විශ්‍රාම සැළසුම් සහ අයෝජන සපයන විශ්වසනීය සමාගමක් බවට ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් පත්වී ඇත.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා විසින් ඇසට්ලියන් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නව අලෙවි වෙබ් අඩවිය වන www.clicktoinsure.lk නිළ වශයෙන් සයිබර් අවකාශයට මුදා හල අතර එම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, රක්ෂණ සමාගම් නියෝජිතයන් සහ පාරිභෝගිකයන්ද එක් විය.