අලියාන්ස් ලංකා සිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නව පත්වීම් සහ උසස් වීම් නිවේදනය කරයි.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් (අලියාන්ස් ලංකා) විසින් සිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සඳහා සිදු කළ උසස් වීම් සහ නව පත්වීම් ගණනාවක් පිළිබඳව නිවේදනය කරනු ලැබ ඇත. මෙම නව පත් කිරීම් තුළින් ආයතන නායකත්ව කණ්ඩායම තව දුරටත් ශක්තිමත් කිරීම සහ ආයතනයේ වර්ධනීය ගමන් මාර්ගයේ මීළඟ අදියර මෙහෙය වීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සිදුවනු ඇත.

රක්ෂණ කළමනාකරණ කණ්ඩායමේ ප්‍රබලයන් තිදෙනා වන – ඩෙනිස් හේවාගම, මංගල බණ්ඩාර සහ රංග ඩයස් යන අයගේ අත්දැකීම් එක් කළ විට එය රක්ෂණ ක්ෂේත්‍රයේ අවුරුදු අසූවක (80) අත්දැකීම් කාලයක් වන අතර ඔවුන්ගේ කැපවීම සහ කාර්ය සාධනය පිළිගැනීමට ලක් වූ අතරම තුළින් ආයතනයේ නව භූමිකාවන් වෙත පිවිසීමටද හැකි වී ඇත.

මෙහිදී ඩෙනිස් මහතා ”ප්‍රධාන විකුණුම් නිලධාරී (ජාතික)” ලෙසත් මංගල මහතා ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලෙසත් සහ රංග මහතා ”ප්‍රධාන විකුණුම් නිලධාරී – සංස්ථාපිත” යන ධූරයන් වෙත පත් කර ඇත.

එමෙන්ම අලියාන්ස් ලංකා සිය ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම වෙත තවත් නව සාමාජිකයින් තිදෙනකුද එක් කර ගැනීමට කටයුතු කර ඇත. එනම් වසර විසි පහක (25) අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත මූල්‍ය සහ කළමනාකරණ වෘතීයවේදියෙකු වූ ෆර්හාස් ෆාරුක් මහතා ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස පත් කර ඇත. මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයෙකු ලෙස මූල්‍ය සේවා අංශයේ වසර විසි තුනකට (23) වඩා අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ඉෂානි සේනවීර මහත්මිය ආයතනයේ ප්‍රධාන මානව සම්පත් කළමනාකරණ නිලධාරිනිය ලෙස කණ්ඩායමට එක් වී ඇති අතර රක්ෂණ ක්ෂේත්‍රයේ වසර තිහකට (30) වඩා අත්දැකීම් සහ පළපුරුද්ද සහිත අනුර පෙරේරා මහතා වාණිජ අංශ අංශ ප්‍රධානී ලෙස පත් කර ඇත.

වමේ සිට දකුණට පළමු පෙළ : ඩෙනිස් හේවාගම, මංගල බණ්ඩාර, රංග ඩයස්
වමේ සිට දෙවන පෙළ : අනුර පෙරේරා, ෆර්හාස් ෆාරුක්, ඉෂානි සේනවීර

මෙම පත්වීම් පිළිබඳව සිය අදහස් දැක්වූ ගානි සුබ්‍රමනියම් මහතා පවසා සිටියේ ”පවතින අභියෝගාත්මක වෙළඳපොළ තත්වය තුළ අප පසුගිය වසර තුළ ස්ථාවර වර්ධනයක් දක්වා ඇති බවය. එමෙන්ම ගෝලීය වසංගත තත්වය තුළ සහ ඉන් ඔබ්බට මෙම වර්ධනීය ගම්‍යතාවය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට අප අදිටන් කරන අතරම අපගේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙකු නව භූමිකාවන් වෙත යොමු කිරීම සහ තවත් පළපුරුදු වෘත්තිකයන් තිදෙනෙකු අප කණ්ඩායම වෙත එක් කරගැනීමට හැකි වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවය. එක්ව වැඩ කිරීමෙන් මෙම කලබලකාරී වාතාවරණය තුළ අප පාරිභෝගික භවතුන් සහ පාර්ශවකරුවන් වෙත වැඩි වටිනාකමක් ලබා දිය හැකි බව තමන් විශ්වාස කරනවා.” යනුවෙනි.