අලියාන්ස් සිය පුරෝගාමීන්ගේ සේවා විශිෂ්ටත්වය අගයයි

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් (අලියාන්ස් ලංකා& සිය ‘Trailblazers of Allianz – We care A to Z 2020’ වැඩසටහන යටතේ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් සිදුකළ කැපවීම උදෙසා සාමාන්‍ය හා ජීවිත රක්ෂණ ව්‍යාපාරයන්හි සාමාජිකයන් 59 දෙනෙකු අගයනු ලැබීය.

අලියාන්ස් ලංකාහි රක්ෂණ ඔප්පු හිමියන්ට ලෝක මට්ටමේ සේවාවක් සැපයීම සදහා විශේෂයෙන් covid – 19 හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුළදී ඔවුන්ගේ කාර්ය භාරය සිය රාජකාරි කටයුතුවලින් ඔබ්බට ගෙන යමින් කටයුතු කිරීම වෙනුවෙන් ආයතනය තුළ රක්ෂණ කළමනාකරණ කණ්ඩායම මගින් මෙම පුරෝගාමීන් නම් කරන ලදී. ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය හා කැපවීම මෙම කාලය තුළ සමාගමේ ව්‍යාපාර මෙහෙයුම් මෙන්ම නියාමනයන් සහ පසු කාර්යාල ක‍්‍රියාවලීන් බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වීම සහතික කිරීමට උපකාරී විය. අලියාන්ස්හි ‘‘ඔබේ අනාගතය සුරක්ෂිත කිරීම’’ යන තේමාවට අනුව කටයුතු කරන ඔවුන් රට වසා දැමීමේ සහ ඉන් පසු කාල සීමාව තුළ ගනුදෙනුකරුවන්ට මෙන්ම තමන්ගේ සාමාජිකයන්ට සහාය දැක්වීමේ ප‍්‍රමුඛ සහායකයන් ලෙස කටයුතු කරනු ලැබීය.

අලියාන්ස් ලංකාහි අඛණ්ඩ තක්සේරුව හා ප‍්‍රතිලාභ ආරම්භයන්ට සමගාමීව ක‍්‍රියාත්මක වන ඔර්සකඉක්‘Trailblazers of Allianz වැඩසටහන කාර්ය සාධන සංඛ්‍යාවන්ගෙන් ඔබ්බට යමින් කටයුතු කිරීමට උත්සාහ දරයි. අලියාන්ස්හි ආචාර ධර්ම ඉහළ නැංවීම සඳහා වන කණ්ඩායම් සාමාජිකයන්ගේ කැපවීමට ගෞරව කිරීම සහ ඔවුන්ගේ රාජකාරියට එහා යමින් කටයුතු කිරීම සඳහා ඔවුන් පොළඹවන ලෝක මට්ටමේ සේවාවක් සැපයීම මෙහි අරමුණයි.

අලියාන්ස් ලංකා හි ක‍්‍රියාශීලී, සහයෝගී හා නිර්මාණාත්මක වැඩ පරිසරය තුළ අනෙකුත් කණ්ඩායම් සාමාජිකයන්ද අභියෝගයන්ට වඩා ඉහළින් නැගී සිටින සුවිශේෂී රැකියා විරුවන් බවට පත්වීම ස`දහා දිරි ගැන්වීම මෙම පුරෝගාමීන් අගය කිරීමේ වැඩසටහන තුළින් අපේක්ෂා කරනු ලබයි.

ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් සිය ස්තුතිය පුදකළ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ්හි ප‍්‍රධාන විධායක නිලධාරී ගානි සුබ‍්‍රමනියම් මහතා විසින් ඔවුන් වෙත ප‍්‍රශංසා ලිපි සහ ඇගයීම් සංකේත ලබා දෙන ලදී.

එහිදී අදහස් දැක්වූ ගානි සුබ‍්‍රමනියම් මහතා ‘‘අලියාන්ස් ලෙස අප නිරන්තරයෙන් අපගේ කණ්ඩායම් සාමාජිකයන් අපගේ විශාලතම වත්කම ලෙස සළකන්නෙමු. මුලූ ලෝකයම පෙර නොවූ විරූ සෞඛ්‍ය හා ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින මොහොතක අඛණ්ඩ සේවා සැපයීම සහතික කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම හා උත්සාහය සැබැවින්ම හේතු වී තිබෙනවා. අපගේ Trailblazers of Allianz’ වැඩසටහනෙහි සමාරම්භක මොහොතේදී එවන් පුරෝගාමීන් 59 දෙනෙකු ඇගයීම තුළින් එය යථාතර්ථයක් බවට පත්ව තිබෙනවා. සියලූ අභියෝගයන්ට එරෙහිව නැගී සිටිමින් මෙම දුෂ්කර කාලයන්හිදී අපගේ ආචාර ධර්ම හා සේවා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සදහා ඔවුන් කළ යුතු රාජකාරියෙන් ඔබ්බට යමින් ඔවුන් කටයුතු කළා.’’ යනුවෙන් සඳහන් කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ‘‘අපගේ ගනුදෙනුකරුවන් මෙන්ම අනෙකුත් සියලූම පාර්ශවකරුවන්ගේ ‘අනාගතය සුරක්ෂිත කිරීමේ’ අලියාන්ස්හි දැක්ම අනුව යමින් නිරන්තරයෙන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මග පෙන්වීම, සහයෝගය සහ සැබෑ හවුල්කාරීත්වය ලබා දීමට කටයුතු කරන මෙම වීරයන් අපගේ කැපවීමේ සංකේතයක් ලෙස ස`දහන් කළ හැකියි’’. යනුවෙන්ද පැවසීය.

අවම අධීක්ෂණයකින් හා මග පෙන්වීමකින් යුතුව සියලූ ඉලක්කයන් හා නියමිත කාල සීමාවන් තුළ ස්වාධීනව කටයුතු කරන සමාගම පුරා විසිරී සිටින ස්වයං අභිපේ‍්‍රරිත පුද්ගලයන් හදුනාගෙන ඔවුන් ඉස්මතු කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ක‍්‍රියාත්මක වනු ඇත. නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනයන් තුළින් අභියෝග හා සීමාවන් ජයගනිමින් සුවිශේෂ නායකත්ව කුසලතා සහ ක‍්‍රියාශීලී, ධනාත්මක ආකල්පයන් ප‍්‍රදර්ශනය කරන කණ්ඩායම් සාමාජිකයන් එහිදී ඇගයීමට ලක් වනු ඇත.