Effie Awards Sri Lanka 2020 සම්මාන උළෙලේ වැඩකටයුතු ඇරඹෙයි

ලංකා අලෙවිකරණ ආයතනයේ සත්කාරකත්වයෙන් පවත්වනු ලබන SLIM Effie සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි
ශ්‍රී ලංකා අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත්‍රය තුළ මහත් ගෞරවාදරයට පත් වාර්ෂිකව පවත්වනු ලබන Effie Awards 2020 සම්මාන උළෙලේ මේ වසරේ වැඩකටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. ඒ මාර්ගගත (online) ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් සමඟිනි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing-SLIM) Effie සම්මාන උළෙලේ සංවිධායකයින් ලෙස මෙම මාධ්‍ය හමුවේ සත්කාරකත්වය ඉසිළීය.
Effie සම්මාන උළෙල යනු අලෙවිකරණ සන්නිවේදන ඵලදායීතාව ඉදිරියට ගෙනයාම, උද්‍යෝගීත්වය ඉහළ නැංවීම සහ දක්ෂයින් තෝරාගැනීම වෙනුවෙන් කැපවුණු ගෝලීය වේදිකාවකි. වෙළෙඳ නාම සාර්ථකත්වයට පත්කරන සියලු ආකාරයේ අලෙවිකරණ සන්නිවේදන කටයුතු ඇගයීමට ලක්කිරීම ඉන් සිදුවේ. අඛණ්ඩව 12 වැනි වසරටත් සංවිධානය වන මෙම ශ්‍රී ලංකා Effie සම්මාන උළෙලේදී, විශිෂ්ට සහ ප්‍රතිඵලදායී ප්‍රචාරණ වැඩසටහන් අගයමින්, නිර්මාණාත්මක සන්නිවේදන කටයුතුවල ඵලදායීතාව සම්මානයට පාත්‍ර කරනු ඇත.
ගෝලීය වශයෙන් Effie සම්මාන උළෙලට අදාළ නවතම තොරතුරු, මෙරට අලෙවිකරණ සන්නිවේදන ආයතන (Marcom Agencies) සමඟ හුවමාරු කරගැනීමට ද මෙම මාධ්‍ය හමුව අතරතුරදී SLIM පියවර ගත්තේය.
මීට සමගාමීව Zoom භාවිතයෙන් විශේෂ වැඩමුළුවක් ද පැවැත්වුණි. සම්මාන උළෙලට සහභාගීවන තරගකාරී ආයතන සඳහා සංවිධානය කෙරෙන මෙම වැඩමුළුවේදී සම්මාන උළෙලට ඉදිරිපත් වීමේදී අනුගමනය කළ යුතු වැදගත් උපදෙස් රැසක් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විසින් හුවමාරු කරගැනෙනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා 0703 726 652 / 011-2 675 000 යන දුරකථන අංක අමතන්න.