ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පත්වීම් සමඟින් අලියාන්ස් ලංකා ජීවිත රක්ෂණ ව්‍යාපාරය තව දුරටත් ශක්තිමත් වෙයි

2020 අගෝස්තු 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිළධාරිවරයා ලෙස ජයලාල් හේවාවසම් මහතා පත් කළ බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කරන ලදී. මෙය මෙරට ජීවිත රක්ෂණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා වන වෙළෙඳපොල පුළුල් කිරීම හා ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් අලියාන්ස්හි කැපවීමේ තවත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය.

බොහෝ අංශයන්හි උපාය මාර්ගික නායකත්ව හා විකුණුම් කළමනාකරණය පිළිබඳ දශක දෙකකට අධික අත්දැකීම් වලින් පිරිපුන් ජයලාල් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධරයෙකි. එමෙන්ම එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ සාමාජිකයකු වන ඔහු වරලත් රක්ෂණකරුවකුද වේ. එකසත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේද සාමාජිකයකු වන ජයලාල් මහතා වරලත් අලෙවිකරුවකු ලෙසද කටයුතු කරනු ලබයි.

අලියාන්ස් ලයිෆ්හි තීරණාත්මක මොහොතක් සනිටුහන් කරමින්, ගෝලීය වශයෙන් අලියාන්ස් විසින් ක්‍රියාත්මක කරනු ලබන ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ්හි ව්‍යුහය නව්‍යකරණයට ලක් කිරීම වෙනුවෙන් දරනු ලබන උත්සාහයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ප්‍රධාන විධායක නිළධාරීවරයා විසින් කටයුතු කරනු ලබනවා ඇත.

මෙම නව පත්වීම පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ්හි අධ්‍යක්ෂ ගානි  සුබ්‍රමනියම් මහතා ස`ඳහන් කර සිටියේ “අපගේ මෙරට ජීවිත රක්ෂණ ව්‍යාපාරය තුළ මූලිකත්වය ගෙන කටයුතු කිරීම වෙනුවෙන් ජයලාල් මහතා අපගේ අලියාන්ස් පවුලට ඉතා සතුටින් පිළිගැනීමට කැමතියි. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොල වර්ධනය වෙනුවෙන් ආසියානු පැසිපික් කලාපයේ ජීවිත රක්ෂණයන්හි අලියාන්ස් ශක්තිය ඉහළ නංවමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා කණ්ඩායම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය තුළ විශේෂයෙන් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ  හැකියාවන් පිළිබඳ ඉහළ විශ්වාසයකින් කටයුතු කරන අප තව දුරටත් එම වෙළෙඳපොල තුළ ආයෝජනය කරමින් ලෝක මට්ටමේ රක්ෂණ විසඳුම් ලබා දීමට කටයුතු කරනවා” යනුවෙනි.

එමෙන්ම අලියාන්ස් ලයිෆ් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2020 ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ්හි ප්‍රධාන කාර්යාංශ නිළධාරී ලෙස සුරේෂ් බස්නායක මහතා පත් කොට ඇත. ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රයේ 30 වසරකට වැඩි අත්දැකීම් සහිත සුරේෂ් මහතා සිය වෘත්තීය ජීවිතය තුළ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇත.