ලංකා සතොසට නව නායකත්ව කණ්ඩායමක් එක් වෙයි

ලංකා සතොස ලිමිටඩ්හි කළමනාකාරීත්ව කණ්ඩායම

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන ලංකා සතොස වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය හමුවේ ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමේ ප්‍රයත්නය වෙනුවෙන් එහි අඛණ්ඩ පරිවර්තනයට නායකත්වය දීම සඳහා පසුගියදා ජ්‍යෙෂ්ට නායකත්ව පත්වීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව 2020 සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් අනුර පණ්ඩිතගේ (විශ්‍රාමික) මහතා ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත් කොට ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 20ක් සේවය කර ඇති ඔහු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක මානව සම්පත් හා පරිපාලන කළමනාකරණ අංශයන්හි ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. යුධ හමුදා හා ආරක්ෂක කළමනාකරණ මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද හිමි කරගෙන ඇත. එසේම වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (CIPM) වරලත් සාමාජිකයකුද වන ඔහු එම ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකුද වේ.

එසේම 2020 සැප්තැම්බර් 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා සතොස ලිමිටඞ්හි මානව සම්පත් සහ පරිපාලනඉංජිනේරුතොරතුරු තාක්ෂණ සහ අභ්‍යන්තර විගණන තොරතුරු අංශ මෙහෙවීම වෙනුවෙන් නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු සිව් දෙනෙකුද පත් කොට ඇත.

මෙම නව පත්වීම් පිළිබඳ අදහස් දැක්වූ ලංකා සතොස ලිමිටඞ්හි සභාපති ආචාර්ය නුෂාඞ් එම්. පෙරේරා මහතා සඳහන් කර සිටියේ වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය තුළ පාරිභෝගිකයන්ට, කුඩා ව්‍යාපාරිකයන්ට, දේශීය නිෂ්පාදයන්ට මෙන්ම ගොවීන්ට අපගේ සහයෝගය ලබා දීමට අඛණ්ඩව කැපවෙමින් සිටිනවා. මේ ආකාරයේ පළපුරුදු නිළධාරීන් පත් කිරීම තුළින් අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම තව දුරටත් ශක්තිමත් කරමින් පරිවර්තනීය අලෙවි අවකාශයක් හරහා අපගේ ගනුදෙනුකරුවන්ට සහ අනෙකුල් සියලු දෙනාට වැඩි සේවාවක් ලබා දීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවායනුවෙනි.

සතොස අලෙවි ජාලයේ මානව සම්පත් හා පරිපාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස වින්ග් කමාන්ඩර් ප්‍රිමාල් පරගහවත්ත (විශ්‍රාමික) මහතා පත් කර ඇත.ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස 21 වසරක කාලයක් සේවය කොට ඇති අතර එහිදී මානව සම්පත් හා පරිපාලනආරක්ෂකවිමර්ශන හා උත්සව යන අංශයන්හි ප්‍රධාන තනතුරු හොබවනු ලැබීය.

සිවිල් ඉංජිනේරුවකු ලෙස වසර 17කට වැඩි අත්දැකීම් සහිත ප්‍රියන්ත ගොඩගම මහතා ඉංජිනේරු අංශ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ලංකා සතොස ඉංජිනේරු අංශයට නායකත්වය දෙනු ඇත. මීට පෙර ඔහු නාගරික සංවර්ධන අධිකාරියේ පුනර්ජනනීය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙසදපුද්ගලික අංශයේ ඉංජිනේරු සමාගමක සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇත.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ 25 වසරකට වැඩි පළපුරුද්දක් සහිත සුමති හේවාවිතාරණ මහතා පත්කර ඇත්තේ සතොස තොරතුරු තාක්ෂණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙසයි. WCS Lanka පුද්ගලික සමාගමේ ක්‍රියාකාරී උපදේශකයකු ලෙස කටයුතු කර ඇති ඔහු නේස්ලේ ලංකා සමාගමේ උපදේශකකළමනාකාර සහ ව්‍යාපාර විශ්ලේෂක යන තනතුරුද හොබවා ඇති අතර මැලිබන් බිස්කට් නිෂ්පාදන පුද්. සමාගමේ තොරතුරු තාක්ෂණ කළමනාකරු ලෙසද කටයුතු කර ඇත.

අභ්‍යන්තර විගණන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස පත්කොට ඇති බී. තුසිත කුමාර නිශ්ශංක මහතා පුද්ගලික අංශයේ ආයතනික මූල්‍ය පිළිබඳ වසර 17කට වැඩි අත්දැකීම් සහිත වරලත් ගණකාධිකාරීවරයෙකි.

මෙම නව පත්වීම් සමඟ සිය වර්ධනීය ගමනේ මීළග අදියර වෙත යොමු වීමට ලංකා සතොස කටයුතු යොදා ඇත. අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලට ලබා දීමෙන් පාරිභෝගිකයන්ගේ ජීවන වියදම අඩු කිරීමට සතොස නිරන්තරයෙන් කටයුත කරනු ඇති අතර දිවයින පුරා පිහිටි අලෙවි ජාලය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ජාතික ඉල්ලුම් දාමය වෙත සම්බන්ධ කර ගැනීමට දායක වෙමින් ඔවුන්ටද සුවිසල් සේවාවක් සළසනු ලබයි.

දිවයින පුරා අලෙවිසැල් 420කට උරුම කම් කියන ලංකා සතොස ලිමිටඞ් යනු රජය සතු විශාලතම පාරිභෝගික අලෙවි ජාලයයි. ඒ යටතේ 4500කට වැඩි සේවක පිරිසක් සේවය කරති. 2005 වසරේදී ලංකා සතොස නමින් පරිභෝගිකයන් වෙනුවෙන් ආහාර සුරක්ෂිත කිරීමේ අරමුණින් ආරම්භ වූ එහි නව දැක්ම මඟින් ජාතියේ මිල නියම කරන්නා ලෙස අඩු හා පහළ මධ්‍යම ආදායම් සහිත පවුල් පිළිබඳ අවබෝධය වඩා හොඳින් පිළිබිඹු වේ. විශ්වසනීය නායකත්ව කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන ලංකා සතොස ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට නායකත්වය සපයනු ඇත.