ඇඳිරි නීති කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අපනයන කර්මාන්ත සඳහා සෞඛ්‍ය උපදෙස් දැඩිව ක්‍රියාත්මක කරයි

කොවිඩ් -19 වෛරසය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන සියලුම ආරක්ෂක පියවරයන් ඇඳිරි නීති කාලයේ අනුගමනය කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්‍ක‍ය තුල ක්‍රියාත්මක සියළුම අපනයන කර්මාන්ත සදහා උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020 අප්‍රේල් 2 දිනැති “COVID-19 පිළිබඳ මාර්ගෝපදේශ, සේවා ස්ථාන සඳහා සූදානම් වීම” අනුව ආරක්ෂක පියවරයන් දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇත.

මේ සම්බන්ධයෙන්  ඇඳිරි නීති  බලපත්‍ර ලබාගැන්මට අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයනු ලැබේ.

වැඩි විස්තර අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන උපකාරක කවුළුව වෙතින් ලබා ගත හැකි අතර දුරකතන 0112300710 විද්‍යුත් තැපෑල: [email protected] සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.srilankabusiness.com වෙතින් ද ලබා ගත හැකිය.