ලොවපුරා සිටින සංචාරක ලෝලීන්ට නැවුම් වනජීවි අත්දැකීමක් ශ්‍රී ලංකාව ලබාදෙයි

කොරෝනා වසංගත තත්ත්වය නිසා ගුවන් ගමන් සීමා තහංචි වලට යටත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා දූපතට විදේශ සංචාරක ගලා ඒම අඩපණ විය.

එවන් අවස්ථාවකදී එම අභියෝගයෙන් නොසැලී, නැවුම් “කවිච්චි සවාරිය” සංකල්පය ඇසුරින්, වඩාත්ම ජනප්‍රිය ජාතික වන උද්‍යාන තුළ සිට, නව තාක්ෂණය උපයෝගී කරගනිමින්, සජීවී විද්‍යුත් විකාශයක් (Live Streaming) දියත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අදහස් කරයි.

තෝරාගත් මනස්කාන්ත වන උද්‍යානයන්හි විශ්මිත දර්ශණ හා සිදුවීම් පෙළහර ලෝක සංචාරක ප්‍රජාව වෙත සජීවීව විසුරුවා හැරීම තුළින් මේ සොබාදහම් අසිරියෙන් උද්දාම වූ දිවයින කෙරෙහි විදේශ සංචාරකයන් තුළ ඇති ඇල්ම තීව්‍ර කරන්නටත්, මේ වසංගතය පහවයාමත් සමඟම මෙහි වැල නොකැඩී දිව ඒමට ඇති ආශාව උද්දීපනය කිරීමටත් මෙම සජීවි විකාශය ඉවහල් වනු ඇත.

වසරක් වසරක් පාසා වියලි කාල පරිච්ඡේදයේදී සිය ගණනින් අලි ඇතුන් මින්නේරිය හා කව්ඩුල්ල ජාතික වන උද්‍යාන වල ඇති මිනිස් සවියෙන් තැනූ වැව් ඉස්මත්තට එක්රැස් වෙති. මෙය ඉතා රමණීය වූ ආශ්වාදජනක දර්ශනයකි.

ලෝක ප්‍රජාව මේ සොබාදහම් සංසිද්ධිය ලොව සුන්දරතම ආශ්චර්යයක් සේ හඳුන්වන අතර එහි සජීවී විද්‍යුත් විකාශය (Live Streaming) මුල්වරට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සමාජ මාධ්‍ය  සහ ඊට අනුබද්ධ වෙබ් අඩවිය ඔස්සේ මින්නේරිය ජාතික වන උද්‍යානයේ සිට, විසුරුවා හරින සජීවී විකාශ මාලාවේ මුල්තැනට විකාශය කිරීමට බලාපොරොත්තු වෙයි.

මින්නේරිය නිජබිම කරගෙන උපන් වාර්තාගත නිවුන් වන අලි දෙදෙනා වන සංචාරක ප්‍රජාවගේ උද්වේගකර අත්දැකීමක් වන අතර එය නුදුරු අනාගතයේදී නව දහසකුත් එකක් වූ වන සංචාරක පරපුරක්  බිහිකරවන්නට තරම් පිටුවහලක් වනු නොඅනුමානයි.

ලොව කිසිම තැනකටත් වඩා (leopard) දිවි ඝනත්වයකට උරුමකම් කියන යාල (Yala) අභයභූමිය සහ උඩවළව ජාතික වන උද්‍යානය, පෘථිවි තලයේ වෙසෙන විශාලතම පස් වැදෑරුම් වන සත්ව විශේෂ වන ඇත්, දිවි (leopard), වලස් (sloth bear),  කුලු මීමා (water buffalo) සහ කිඹුල්ලු (mugger and salt water crocodiles) සඳහා ප්‍රචලිතයි. ඊට අමතරව මුවන් (sambar deer), හිවලා (jackal), තිත් මුවා (spotted deer) සහ මොණරා තමාටම නිජ වාස භූමියේ නිදැල්ලේ හැසිරෙන අයුරු ඉරබසින යාමයේ සිත වශීකරන පසුබිමක ඇති අතිරමණීය දර්ශන පෙළට වචනයෙන් කිව නොහැකි සුන්දරත්වයක් එක් කරයි.

හිරු නැගෙන පාන්දර යන සංචාරයේදී ලොව විශාලතම පස්වැදෑරුම් සත්ව විශේෂ නෙත ගැටීමට ඇති අවකාශය අප්‍රමාණයි. වන සංචාරකයින්ගේ සිත් ඇදගත් ශ්‍රී ලංකාවටම ආවේණික මෙන්ම සංක්‍රමණික පක්ෂී වර්ග හා ජලයේ වෙසෙන පක්ෂීන්ද දහසකුත් එකක් ශ්‍රී ලංකාවටම ආවේණික ගහකොළ හා පැළෑටිද මෙම වනාන්තර වසාගෙන විහිදෙයි.

මෙතරම් අසමසම සුන්දරත්වයකින් යුත් ලොව වෙන කිසිම රටක නොමැති තරම්, කුඩා භූමි භාගයක් තුළ එක්තැන්වූ සම්පත් ගොන්න නව සංචාරකයින් විශ්මයට මෙන්ම මෝහනයට පත්කරනු ඇත. අපේ වටිනාකම් අපේ විශේෂතා ලොවට හඬගා කියන්න ඔබත් ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය හා අත්වැල් බැඳගන්න. මේ සුවිශේෂී සජීවී විකාශය ඔබේ සමාජමාධ්‍ය ඔස්සේද ලොවට ගෙන යන්න.

සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයට සෘජුව බලපෑම් කරන බැවින් සියල්ල යථා තත්ත්වයට පත්වෙන මොහොතේ තරඟකාරී පසුබිමක් හරහා නව සාමාන්‍යයේ පෙරගමන්කරුවන් වීමට අප සීරුවෙන් සිටිය යුතුවෙයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙවන් ජනතාව මුල්කරගත් හා ජනතාව සම්බන්ධකරගත් (crowd sourcing) ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් කිහිපයක් තුළින් මේ පණිවිඩය ජනතාව අතරට වඩාත් තීව්‍ර කරමින් සාර්ථකව ගෙන යන්නට අදහස් කරයි.

මෙම ජාතික ප්‍රවර්ධන ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට ඕනෑම අයෙකුට හැකි අතර එසේ එක් වීමට ක්‍රම තුනක් ඇත.

මේ ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ නිවාඩු අවස්ථාවන් දිනාගැනීමේ වරම් සජීවී විකාශය නරඹන විදේශිකයන්ට තිළිණ කිරීමට බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති, කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම සජීවී විකාශය, අප දූපතෙහි ඇති අතිවිශිෂ්ඨ ජෛව විවිධත්වය විදහා දක්වන්නට වටිනා මෙවලමක් ලෙස යොදා ගන්නා අතර සංචාරක ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳව ඇති උනන්දුව සහ මෙහි ආශ්චර්යය අත්විඳින්නට ඇති ආශාව උද්දීපනය කර පවත්වා ගැනීමට, ඉවහල් වෙයි.

මෙම සජීවී විකාශයන් පිළිබඳව කෙරෙන පෙර දැනුම්දීම් හා සම්බන්ධ දත්ත හා තොරතුරු තම සමාජ මාධ්‍ය වල පළ කෙරෙන අතර ඒවා එම අවස්ථාවන්හිදී තම මූලාශ්‍ර, ව්‍යාපාර සහකරුවන්, විදේශවල වෙසෙන හිතමිත්‍ර ආදීන් සමඟ මෙන්ම තම සමාජ මාධ්‍ය ඔස්සේද දැනුම් දීමට සැලැස්වීම සහ ඔබගේ සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ සජීවී විකාශයන් වරින් වර සිදුවන විට ඒවා බෙදාහැරීමට සැලැස්වීම කරන මෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මහජනතාවගෙන් සහ ආයතන වලින් ඉල්ලා සිටියි.

වැඩිදුර දැනුවත් වීම සඳහා කරුණාකර www.srilanka.travel නැතිනම් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිළ ෆේස්බුක් පිටුව (official face book) වෙත පිවිසෙන්න.
දින 8ක් පුරා නොවැම්බර් මාසයේදී විකාශය කරන්නට බලාපොරොත්තුවන (live streaming) වැඩසටහන මෙහි පහත සඳහන් වේ.

දිනය ස්ථානය ශ්‍රී ලංකා වේලාව ජාත්‍යන්තර වේලාව
නොවැම්බර් 4 වැනිදා මින්නේරිය 2.00pm (IST) + 5.30 GMT
නොවැම්බර් 5 වැනිදා මින්නේරිය 2.00pm (IST) + 5.30 GMT
නොවැම්බර් 8 වැනිදා කවුඩුල්ල 2.00pm (IST) + 5.30 GMT
නොවැම්බර් 9 වැනිදා උඩවළව 7.00am (IST) + 5.30 GMT
නොවැම්බර් 10 වැනිදා උඩවළව 3.00pm (IST) + 5.30 GMT
නොවැම්බර් 11 වැනිදා යාල 7.00am (IST) + 5.30 GMT
නොවැම්බර් 12 වැනිදා යාල 7.00am (IST) + 5.30 GMT
නොවැම්බර් 13 වැනිදා යාල 3.00pm (IST) + 5.30 GMT