අධිකරණ පද්ධතිය පරිගණකගත කිරීම පිළිබඳව විනිසුරුවන්ට වැඩමුළුවක් පවත්වයි

සමස්ත අධිකරණ පද්ධතිය පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය පිළිබද වැඩමුළුවක් ඉහළපෙලේ ගරු විනිසුරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණ. මෙම වැඩමුළුවේ මූලික පරමාර්ථය වූයේ අධිකරණ ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන අභියෝග සහ අවදානම් සහ යෝජිත පද්ධති භාවිතා කරන්නන්ගේ අපේක්ෂාවන් සාකච්ඡා කිරීමයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අධිකරණ අමාත්‍යාංශය එක්ව වැඩමුළුව සංවිධානය කෙරිණ.

මෙම වැඩපිළිවල යටතේ ලිපි ගොණු පවත්වාගෙන යෑම අධිකරණ පද්ධතිය කළමනාකරණය ,නඩු වාර්ථා තබා ගැනීම හා නඩු වාර්ථා නිකුත් කිරීම,මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල් ගෙවීම ඇතුළු සමස්ථ අධිකරණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත.එමගින් පහසු සහ කාර්යක්ෂම තොරතුරු ලබා ගැනීම කාර්යක්ෂම වාර්තාකරණය , පුද්ගලයන් සම්බන්ධවි කෙරෙන ලේඛන කටයුතු අඩු කිරීම, තොරතුරුහා උපකරණ පුවරුව භාවිතය ,උසාවි සහ විනිසුරුවරයන් අතර කාර්යක්ෂම සන්නිවේදනය ඉහළ මට්ටමින් තබාගත හැකි , නවීන හා ආරක්ෂිත විසඳුම්, පරිහරණය හදුන්වාදෙනු ඇත.

අධිකරණ ඇමති අලි සබ්‍රී , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ගරු. කේ.පී. ප්‍රනාන්දු , සහ මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරුන් ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලය මෙම වැඩමුළුවට සහභාගී වූහ.