රාජ්‍ය ආයතන හා සේවකයින්ගේ දීමනා පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂ  චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාං, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත අද (26) නිකුත් කර තිබේ.

ව්‍යාපෘති වියදම් පාලනය කිරීම සඳහා ක්‍රමයක්, ඉන්ධන, සන්නිවේදන වියදම් අඩු කිරීම සහ සුබසාධන සහ සහන වියදම් අත්හිටුවීම සඳහා ක්‍රමවේදයන් 17 ක් අඩංගු විශේෂ උපදෙස් මාලාවක් මෙලෙස නිකුත් කර තිබේ.

ඊට අමතරව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් සඳහා මුලික කරුණු සිදුකර තිබුනද මෙතෙක් තනතුරු සඳහා කර නොමැති පත්වීම් අත්හිටුවීමට ද නියෝග කර තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ චක්‍රලේඛය පහත දැක්වෙයි.