බේබි ෂෙරමි වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරුවන් වෙනුවෙනුත් මිලියනයක් වටිනා ළදරු සත්කාර නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙකුත් සනිපාරක්ෂක නිෂ්පාදන ඇතුළු සම්පූර්ණ ළදරු නිෂ්පාදන පෙළක් එම නිවුන් ළදරුවන් 5 දෙනා වෙනුවෙන් ලබාදීමට පසුගිය දා ඉදිරිපත් විය.

තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි ලබා දෙන පූර්ණ රැකවරණය නිසාම දශක ගණනාවක් පුරාවට මිලියන ගණනක් ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනාගෙන සිටින බේබි ෂෙරමි , ළදරු රැකවරණ නිෂ්පාදන අතර ප්‍රමුඛස්ථානය දිනාගෙන සිටියි. වගකිව යුතු සන්නාමයක් ලෙස බේබි ෂෙරමි මෙරට පළමු සය නිවුන් දරු උපත සිදු වූ අවස්ථාවේදී ද එම ළදරුවන් වෙනුවෙන් මිලියනයක් වටිනා බේබි ෂෙරමි ළදරු නිෂ්පාදන පිරිනමා තිබීම විශේෂත්වයකි.
බේබි ෂෙරමි හි සන්නාම කළමණාකරු හිරාන් බැප්ටිස්ට් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.” සය නිවුන් දරුවන් උපත ලැබීම ඉතාමත් සුවිශේෂී සිදුවීමක්. දරුවන් කිහිපදෙනෙකුගේ සියළුම ළදරු රැකවරණ අවශ්‍යතා සපුරාලීමේදී දැරිය යුතු පිරිවැයත් සමඟ එය දෙමාපියන්ට අභියෝගාත්මක කාර්යයක් වෙනවා.එබැවින් ළදරුවන් පිරිසුදුව සහ ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා වසරකට සරිලන රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි ළදරු නිෂ්පාදන නොමිලේ ලබාදෙමින් ඔවුන් වෙනුවෙන් අපගේ සහයෝගය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප සතුටු වෙනවා. අපගේ ළදරුවන් සඳහා සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම දෙමාපියන්ගේ මෙන්ම බේබි ෂෙරමි අපගේ ද ප්‍රමුඛතම කාර්යභාරයයි. බේබි ෂෙරමි නිෂ්පාදන හරහා අලුත උපන් බිළිඳුන් සඳහා ආරක්ෂිත සහ විශ්වාසනීය පරිසරයක් පිරිනැමීම තුළින් එම කාර්යභාරය සාර්ථකව සාක්ෂාත් වෙනවා”


අනාගතයේදී දෙමාපියන් වීමට සූදානම් වන සහ නව දෙමාපියන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වෙමින් බේබි ෂෙරමි විසින් දෙමාපියන් වීම,ගර්භණී සමයේදී මවට සහ පියාට ඇතිවිය හැකි අභියෝග ජය ගැනීම, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාපිය සායනික වැඩසටහන් මාලාවක් ‘දරු පැටියට සුරක්ෂිත ලොවක්’ නමින් දිවයින පුරා පවත්වනු ලබයි. මෙම මාපිය සායනය වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම මුල් ළමාරක්ෂක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ද හිමි වී තිබේ.


ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය සහ විශ්වාසය දිනාගත් අංක එකේ ළදරු රැකවරණ සන්නාමය වන බේබි ෂෙරමි ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රජාව නඟා සිටුවීම සඳහා විවිධ අර්ථාන්විත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.