“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳව මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ.


දෙශීය හා ජාත්‍යන්තර වශයෙන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලි පද්ධති සැලසුම් කිරීම, එහි අන්තර්ගත විදුලි උපාංග නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධයෙන් දශක හතරකට ආසන්න විශේෂඥ දැනුමකින් යුතු Orel Corporation, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු මහාද්වීප 5ක සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතියට අදාළ ව්‍යපෘති කළමනාකරණය, නිෂ්පාදනයට අවශ්‍ය භාණ්ඩ සැපයීම, අලෙවියෙන් පසු සේවාවන් , නඩත්තු කටයුතු සහ බෙදා හැරීම ඇතුළු ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ EM2 කාණ්ඩයට අයත් සියලුම විදුලි ඉංජිනේරු සේවා සැපයීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට Orel Corporation අපේක්ෂා කරයි.


Altair, Lux Resort (මාලදිවයින), Access Capital Heights, ITUM, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය, සහ 606 The Address වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා Orel Corporation විසින් දක්වන ලද කැපී පෙනෙන දායකත්වය සහ එම ව්‍යාපෘති විශිෂ්ට ලෙස විද්‍යුත් බලයෙන් බලගැන්වීම තුළින් ගොඩනගා ගත් කීර්ති නාමය සහ විශ්වාසනීයත්වය මෙම නවතම ව්‍යාපෘතියේ හවුල්කාරීත්වය හිමි වීම කෙරෙහි මූලික පදනක් වී තිබේ.


OREL Corporation හි Turnkey ව්‍යපෘති සහකාර සාමාන්‍යධිකාරී ප්‍රමුදිත ගුරුසිංහ මහතා සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. ” යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කළ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාමේ දැවැන්තයෙකු වන Prime Residencies සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම අපිට සතුටක්. මෙම ව්‍යාපෘතිය අප විසින් මෙතෙක් සිදුකළ ව්‍යාපෘතිවල සුවිශේෂී සන්ධිස්ථානයක්. ක්ෂේත්‍රයේ පුරෝගාමී Prime Residencies සමග එක්වෙමින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය විදුලි පහසුකම් සැපයීම තුළින් දීප්තිමත් හෙටක් උදාකරගැනීමට අප ආයතනය තුල වූ කැපවීම මෙමගින් මනාව පිළිඹිබු වෙනවා.”


Prime Lands Residencies PLC හි ආයතනික කටයුතු අධ්‍යක්ෂ නලින්ද හීනටිගල මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් මෙසේ බෙදාගත්තේය. “The Palace Gampaha ව්‍යාපෘතිය ඔස්සේ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ ආයෝජකයින්ට සුඛෝපභෝගී සහ පහසු ජීවන රටාවක් හිමි කර දීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය මූලික ගෙවීම් සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතියයි. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ආයෝජනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් අපගේ සේවාදායකයින්ට අද්විතීය හා අසමසම අත්දැකීමක් හිමිකර දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”


25 වසරක විශිෂ්ටත්වය සමඟින් Prime Residencies, අඛණ්ඩතාව, කැපවීම සහ සැලකිල්ල යන මූලධර්ම මත පදනම් වූ නිවාස නිර්මාණකරණය අඛණ්ඩව සිදුකරනු ඇත. Orel Corporation සමඟ ඇති කරගත් සහයෝගීතාවය, සිය ගනුදෙනුකරුවන් සඳහා නවීනතම, ගුණාත්මක විසඳුම් සැපයීම වෙනුවෙන් ඔවුන් තුළ වූ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. තවද ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් උරුම කර දීම පමණක් නොව දියුණු ප්‍රජාවක් රට තුළ පෝෂණය කිරීමට ද මෙමඟින් මහඟු දායකත්වයක් සපයනු ලැබේ.