නව කොරෝනා වෛරසය පැතිරයෑමේ තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ හිඟයෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ තොගයක් එවීමට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන හිමියන් කටයුතු කොට තිබේ .
ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අදාළ මුඛ ආවරණ ලබාදී තිබේ .
දැනට සිංගප්පූරුවේ වැඩ වසන වවුනියාව පිරප්පම්මඩුව ශ්‍රී පඤ්ඤානන්ද විහාරාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ළිඳවැව අමරජෝති නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය කර මතින් මුඛ ආවරණ පෙට්ටි රැගෙන එන අයුරු පහත ඡායාරූප වල දැක්වෙයි.