සංචාරක වීසා ගාස්තුවල වෙනසක් සිදුවෙයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මාර්ගගත විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබාදීමේ පද්ධතිය (ඔන්ලයින් වීසා ක්‍රමය) යටතේ මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට එකවර දින 180ක් දක්වා වලංගු වීසා බලපත්‍රයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පහත සඳහන් පරිදි වීසා ගාස්තු අය කරමින් එකී සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල එකඟතාවය ද හිමිවී ඇත.

ඒ අනුව සාර්ක් රටවල සංචාරකයින්ට අමෙරිකානු ඩොලර් 70ක්ද , සාර්ක් නොවන රටවල සංචාරකයින්ට අමෙරිකානු ඩොලර් 85ක්ද , සිංගප්පූරුව, මාලදිවයින, සීෂෙල්ස් යන රටවල සංචාරකයින්ට අමෙරිකානු ඩොලර් 50ක්ද
වශයෙන් අය කිරීමට තීරණය වී තිබේ.