සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹට

සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ. ඒ අනුව මගීන් 1952ක් හා කාර්ය මණ්ඩලය 872කින් සමන්විත Sun Princess නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණ තිබේ.

මීට අමතරව මගීන් 2470ක් හා කාර්ය මණ්ඩලයේ 1425ක රැගත් Queen Mary 02 නෞකාව හා සංචාරකයින් 583ක් හා කාර්ය මණ්ඩලයේ 366කින් සමන්විත Boudicca නෞකාවද කොළඹ වරායට පැමිණියේය.

මෙම නෞකාවලින් පැමිණෙන සියලු මගින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳව කොළඹ වරායේදී දැඩිව පරීක්ෂා කරනු ලබයි.