ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් ඇ.ඩො. මිලියන 10 ඇස්තමේන්තු ගත නවීන තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම අරඹයි

ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් සමාගම නවීන තාක්‍ෂණයෙන් සමන්විත තේ සැකසුම් සහ ඇසුරුම් මධ්‍යස්ථානයක් කැලණිය තල්වත්ත ප‍්‍රදේශයේදී ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීය. අක්කර 6 ක භූමි ප‍්‍රමාණයක වර්ග අඩි 150,000 ක ප‍්‍රමාණයෙන් යුතුව ඉදිවන මෙම කර්මාන්ත සංකීර්ණය තේ සහ ඇසුරුම් ද්‍රව්‍ය ගබඩා කිරීම, සැකසීම, මිශ‍්‍ර කිරීම, පැකට් කිරීම සහ ඇසුරුම ආදී පහසුකම් රැසකින් යුක්ත වේ.

තවද ISO 9001:2015″ ISO 22000:2018″ HACCP, ඉහළ නිෂ්පාදන කාර්යයක් සඳහා වන ප‍්‍රමිතිගත සහතිකය සහ පරිසර හිතකාමී තත්ත්ව සහතිකයන්ට යටත්ව මෙම නිෂ්පාදන ක‍්‍රියාවලිය දියත් කරනු ඇත. වරකට තේ කිලෝ ග‍්‍රෑම් මිලියනයකට අධිකව ගබඩා කිරීමේ පහසුකම් සහිතව ඉදිවන මෙම කර්මාන්ත ශාලා සංකීර්ණය, තේ වල නැවුම් බව සහ ගුණාත්මක බව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් උෂ්ණත්වය පාලනය කිරීමේ සිසිලන කාමරයන්ගෙන්ද සමන්විත වේ.

විශේෂයෙන් මෙම කර්මාන්ත සංකීර්ණය තේ ගැනුම්කරුවන්ගේ ගබඩා වලට සමීපව,  අධිවේගී මාර්ගයට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ස්ථානයක ඉදිකිරීම හේතුවෙන් ඉතා පහසුවෙන් වරාය, ගුවන් තොටුපල මෙන්ම රටේ වෙනත් ප‍්‍රදේශයන් වෙත ක්‍ෂණිකව ප‍්‍රවාහනය කිරීමේ පහසුව ලැබීම හේතුවෙන් දේශීය සහ අන්තර්ජාතිකව සිය නිෂ්පාදන බෙදාහැරීමේදී මෙය ව්‍යාපාර ක‍්‍රමෝපායිකව ඉතා වැදගත් ස්ථානයක් වනු ඇත.

විශේෂයෙන් නවීන තාක්‍ෂණයෙන් යුතු ස්වයංක‍්‍රීය මැෂින් අධාරයෙන් සිදුවන නිෂ්පාදන කාර්යයන් මෙන්ම බහු ස්ථර ගබඩා රාක්ක වලින් ද මෙම කර්මාන්ත සංකීර්ණය සමන්වත වේ. තවද අන්තර්ජාතික ගැනුම්කරුවන් සඳහා පරීක්‍ෂා කිරීමේ සහ තේ රස බැලීමේ පහසුකමද මෙම ආයතනය තුළ සකසා ඇති බැවින් එකම ස්ථානයක් තුළ තේ යායක අත්දැකීම ලබා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත උදාවේ.

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ, ‘‘ශ‍්‍රී ලංකාවේ පැරණිතම තේ සමාගම ලෙස අප මෙතෙක් පැමිණි ගමන්මග සම්බන්ධයෙන් අපට ඇත්තේ ආඩම්බරයක්. විශේෂයෙන් මෙම අවස්ථාව සමඟින් ලාංකීය තේ ලෝකය තුළ ප‍්‍රවර්ධනය කිරීමට වගේම ගෝලීය ප‍්‍රමිතීන්ට සහ අවශ්‍යතාවයන්ට අනුකූලව අපගේ කර්මාන්තය බලාත්මක කිරීමට අපගේ කැපවීමද මෙමගින් තහවුරු වෙනවා.’’

මෙම නව කර්මාන්ත සංකීර්ණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජොර්ජ් සටුවර්ට් ටීස් හි කළමනාකාර අධ්‍යක්‍ෂ ඩායි පද්මනාදන් මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ, ‘‘ විශේෂයෙන් ජෝර්ජ් ස්ටුවර්ට් ටී වල ගුණාතමක තත්ත්වය, ධාරිතාවය වර්ධනය කිරීමට වගේම දේශීය මෙන්ම අන්නතර්ජාතිකව අපගේ ගනුදෙනුකරුවන් හට කාර්යක්‍ෂම සේවාවක් මෙම ව්‍යාපෘතිය ආර්ම්භ කිරීමෙන් සැපයීමට හැකිවීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ සතුටක්.’’

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් පාර්ශ්වකරුවන් ලෙස Access Engineering, Civil & Structural Engineering Consultants (CSEC) සහ George Steuart Engineering යන ආයතන ක‍්‍රියාත්මක වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරනා මෙම ව්‍යාපෘතිය 2022 පළමු කාර්තුව තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇත.

1835 දී ජේම්ස් සහ ජොර්ජ් ස්ටුවර්ට් සොයුරන් විසින් ආරම්භ කරන ලද ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම, වර්තමානය වනවිට ශ‍්‍රී ලංකාවේ පැරණිතම වාණිජ ආයතනය ලෙස සාඩම්බරයෙන් නැඟී සිටී. ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ ඉතිහාසය ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ වාසනාව හා තදින්ම බැඳී පවතී. ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී තේ නිෂ්පාදකයන්ගෙන් පැවත එන දැනුම සහ විශිෂ්ඨත්වය පහසුවෙන් තමන් සතුකර ගැනිමට වෙනත් කිසිදු තේ නිෂ්පාදන සමාගමකට හැකිව නැත. දශක දෙකකට ආසන්නව විහිදෙන සිය ඉතිහාසය තුළ ශ‍්‍රී ලංකාව ලෝකයේ හොඳම තේ නිපදවන්නන් අතරට ගෙන ඒමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සිය අඛණ්ඩ දායකත්වය සපයා ඇත. වර්තමානය වන විට දේශීය මෙන්ම ලොව පුරා රටවල් 50 කට අධික ප‍්‍රමාණයකට තේ නිෂ්පාදන අපනයනය කරමින් බොහෝ තේ පානය කරන්නන්ගේ ඉහළ ප‍්‍රසාදය දිනා ගැනීමට ස්ටුවර්ට් තේ සන්නාමය සමත්ව ඇති අතර, දිවයින පුරා පිහිට සියලූම වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙදසැල් මඟින් දේශීය පාරිභෝගිකයින් සඳහා ජෝරජ් සිටුවර්ට් ටීස් ආයතනය විසින් BOPF ප‍්‍රිමියම් තේ, රෝසා කහට, ස්ටුවර්ට් ඉඟුරු තේ, සහ ස්ටුවර්ට් ග‍්‍රීන් ටී ආදී නිෂ්පාදන ලබා ගැනීමේ පහසුකම සළසා දී ඇත