නවිල් එන්ටර්ප‍්‍රයිසස්, අයිඩියල් ඔටෝමොබයිල් වෙතින් ප‍්‍රයිම්මූවර් රථ මිලට ගනියි

යුරෝපීය වාහන මෙරටට ගෙන්වීමේ ප‍්‍රමුඛතම සමාගමක් වන අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් නවිල් එන්ටර්ප‍්‍රයිසස් ආයතනය වෙත DAF ප‍්‍රයිම් මූවර් රථ 6ක් පසුගියදා අලෙවි කරනු ලැබීය.

හම්බන්තොට වරායේ ඉදිකර තිබෙන ලාෆ් ගෑස් අංගනයේ සිට කොළඹට ගෑස් ප‍්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන් නවිල් එන්ටර්ප‍්‍රයිසස්, අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම වෙතින් මෙම DAF ප‍්‍රයිම් මූවර් රථ මිලදී ගැනීම සිදු කෙරිණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා විසින් නවිල් එන්ටර්ප‍්‍රයිසස්හි කළමනාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රසිත ත‍්‍රිමාල් මහතා වෙත පසුගියදා මෙම DAF ප‍්‍රයිම් මූවර් රථ බාරදීම සිදු කෙරිණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා විසින් නවිල් එන්ටර්ප‍්‍රයිසස්හි කළමනාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රසිත ත‍්‍රිමාල් මහතා වෙත DAF ප‍්‍රයිම් මූවර් රථ නිල වශයෙන් බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ (ඡායාරූපයේ වමේ සිට) නවිල් එන්ටර්ප‍්‍රයිසස් සාමාන්‍යාධිකාරි ප‍්‍රභාත් කරුණාරත්න, ප‍්‍රධාන විධායක නිලධාරි චානක ගුණතිලක, අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි චාරු සෙනෙවිරත්න, මෙහෙයුම් කළමනාකරු ධම්මික ගුණදාස යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

වර්ෂ 2005දී ආරම්භ කරන ලද නවිල් එන්ටර්ප‍්‍රයිසස් මේ වන විට තෙල්, ගෑස්, සිමෙන්ති, ගල්අඟුරු ප‍්‍රවාහනය හා ලංකා සතොස ආයතනයේ ප‍්‍රවාහන කටයුතුවල නිරතවී සිටී. හම්බන්තොට වරායේ සිට කොළඹට ගෑස් ප‍්‍රවාහන සඳහා අවශ්‍ය ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන් අපට ප‍්‍රයිම් මූවර් රථ අවශ්‍ය වුණා. යුරෝපීය ට‍්‍රක් රථ සහ වාහන මෙරටට ගෙන්වීමේ ප‍්‍රමුඛතම සමාගමක් වන අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම අප ඒ සඳහා තෝරා ගත්තා යැයි මේ පිළිබඳව අදස් දක්වමින් නවිල් එන්ටර්ප‍්‍රයිසස් ප‍්‍රධාන විධායක නිලධාරි චානක ගුණතිලක මහතා පැවසීය.

අයිඩියල් ඔටෝමොබයිල්හි ඇති විශ්වාසය, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව මේ සඳහා විශේෂයෙන් බලපෑ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

2005 වසරේදී ආරම්භ අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම මගින් ඕනෑම මාදිලියක යුරෝපීය වාහන සහ ට‍්‍රක් රථ පාරිභෙගික අවශ්‍යතාව මත ගෙන්වාදීම සිදු කරනු ලබයි. යුරෝපීය වාහන සඳහාම වෙන්වූ සේවා මධ්‍යස්ථානයක් රත්මලාන ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇත. ඊට අමතරව සියලූම යුරෝපීය ප‍්‍රයිම් මූවර් රථ සඳහාම වෙන්වූ සේවා මධ්‍යස්ථානයක් කැළණිය, වන වාසල ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති බව අයිඩියල් ඔටෝමොබයිල් ප‍්‍රධාන විධායක නිලධාරි චාරු සෙනෙවිරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම සේවා මධ්‍යස්ථානය මගින් සියලූම යුරෝපීය ප‍්‍රයිම් මූවර් රථ සඳහා සේවා පහසුකම්, අලූත්වැඩියා පහසුකම්, හදිසි අනතුරු අලූත්වැඩියා පහසුකම් හා නවීන තාක්‍ෂණයෙන් යුත් ඉලෙක්ට්‍රොනික ස්කෑන් පරීක්‍ෂණ කටයුතු ආදී සේවාවන් රැසක් ලබාදෙයි. ඊට අමතරව එම වාහන සඳහා අවශ්‍ය සියලූම අමතර කොටස්, පැය 24 පුරා ක‍්‍රියාත්මක ආපදා සේවයක්ද ක‍්‍රියාත්මක බව චාරු සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කලේය.