ශ්‍රී ලංකාවේ ප්‍රථම Chili’s® American Grill & Bar ආපනශාලාව කොළඹදී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම Chili’s® American Grill & Bar ආපනශාලාව 2021 අගෝස්තු 16 වන දින කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේදී විවෘත වේ.

මීට ඉහතදී උතුරු ඉන්දියාවේ හා නැගෙනහිර ඉන්දියාවේ ආපනශාලා විවෘත කිරීම සඳහා Chili’s® American Grill & Bar සමග අත්වැල් බැඳගත් Mukund Hospitality (පුද්.) සමාගම ශ්‍රී ලංකාව තුළ ආපනශාලාවක් විවෘත කරන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම ආපනශාලාව මගින් පිරිනමන, ටෙක්සාස් සම්ප්‍රදාය පදනම් කරගත් ‘Fresh Mex’ ආහාරපාන එකතුව ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට Sizzling Fajitas, Hand-Crafted Burgers, Fresh Mex Rice Bowls, Hand-Shaken Margaritas සහ අනෙකුත් සුවිශේෂී වූ ආහාරපාන රස විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

නවීනතම Chili’s® American Grill & Bar සම්ප්‍රදාය අනුව සැලසුම් කර ඇති මෙම ආපනශාලාව කොළඹ නගරයට නවතම ආපනශාලා සම්ප්‍රදායක් හඳුන්වා දෙනු නිසැක ය. වර්ග අඩි 7,400 ක ඉඩකින් යුත් මෙහි 240 කට අධික පිරිසකට අසුන්ගත හැකි අතර, දිනපතා දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ගැනීමටත්, රැගෙන යාමටත්, තමන් වෙතටම ගෙන්වා ගැනීමටත් (ඩිලිවරි) අවස්ථාව ලැබෙනු ඇත.

“Chili’s® American Grill & Bar හි Fresh Mex ආහාර එකතුව කොළඹ නගරයටත් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. පවුලේ අය හෝ හිතමිතුරන් සමග පැමිණ සතුටින් හා සැහැල්ලුවෙන් ප්‍රණීත ආහාරපාන රස බැලීමට බලාපොරොත්තු වන කාටත් විශිෂ්ට සේවාවක් සැලසීමට හැකියාව ඇති උද්‍යෝගීමත් කණ්ඩායමක් අප සමග සිටිනවා. ඒ වගේම අප කැපවී සිටින්නේ සුවිශේෂී දෘෂ්ටි කෝණයක් සමගින් නැවුම් හා උසස් තත්වයෙන් යුත් ආහාරපාන අපගේ පාරිභෝගිකයන් වෙත පිරිනැමීමටයි.” Mukund Hospitality සමාගමේ අධ්‍යක්ෂ රිෂී බජෝරියා මහතා පැවසී ය.


Chili’s® American Grill & Bar හිදී සෑම විටම ආරක්ෂාවට ප්‍රමුඛත්වය හිමි වේ. එහි මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර, COVID-19 සම්බන්ධ විධිවිධාන දැඩිව අනුගමනය කරති. එමෙන්ම ආහාර වල පවිත්‍රතාව හා සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, ආහාර පිළියෙල කිරීමේදී කිසිදු මිනිස් ස්පර්ශයක් සිදු නොවන බව තහවුරු කෙරෙන ‘Zero Touch’ ප්‍රතිපත්තියක්ද ආපනශාලාව තුළ ක්‍රියාත්මක වේ.

දැනට රටේ මෙන්ම ලොව පුරා පවතින, බොහෝ දෙනෙකු තුළ ආතතිය ඇතිකරන තත්ත්වය හමුවේ වුවද සැහැල්ලුවෙන් යුතුව තම ආහාරපාන රස විඳීමට අවස්ථාව දෙන පරිසරයක් ආපනශාලාව තුළ පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

www.chilis.lk වෙත පිවිසී එහි ඊමේල් සමාජයට එක්වීමෙන් Chili’s® American Grill & Bar හි ආහාරපාන පිළිබඳව මෙන්ම, එමගින් ලබාදෙන වට්ටම් හා දීමනා ආදිය පිළිබඳ නවතම තොරතුරු දැනගත හැකි වේ.